
(යොහාන් භාසුර,ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
බෙලිඅත්තේදී පෙරේදා (22) පුද්ගලයන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතන සිද්ධිය මෙරට සිට මෙහෙයවූ පුද්ගලයා සහ ඒ සඳහා යොදා ගත් වාහනය පොලිස් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස භාර නිලධාරිගේ අධීක්ෂණය යටතේ හක්මන පොලිස් ස්ථානාධිපති ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් කළ විමර්ශනයේ දී මෙරට සිට මෙම අපරාධය මෙහෙයවා ඇතැයි කියන සමන් කුමාර නැමැති 54 හැවිරිදි පුද්ගලයෙක් සහ අපරාධය සදහා පැමිණි අංක 65-2615 දරණ මිටිසුබිෂී පෙජරෝ ජීප් රථය ද පොලිසිය අත්අඩංගුවට ගත් බව එම අමාත්‍යංශය කීය.
මෙම සැකකරු අපරාධය සදහා පැමිණි වාහනයේ රියදුරු වශයෙන් සිට අපරාධය සැලැසුම් කර ඇති බවට වැඩි දුරටත් අනාවරණයවී ඇති බව ද එම අමාත්‍යංශය සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාව අද රටේ ආයුධ පෙන්නන්න එක්ක යනවා කියලා කියන්නේ...!
ඕවා ආණ්ඩුවෙන් කනවද මන්දා... දවසක්වත් ගියේ නෑ...නේ.. මිනීමරුවා ඇල්ලුවනේ... එහෙනම් මොකද බැරි අපේ පොලිසියට අර්ජුන මහේන්ද්‍රන්ව අල්ලන්න.
වාහනේ හොඳට හෝදලා පරිස්සමෙන් එයාටම බාරදෙන්න හොඳේ... නැතිනම් අරයා තරහා වේවි... රස්සාවත් බකල් වේවි...!
අවශ්‍ය විස්තර ලබාගත් පසු ඔලුවට වෙඩි තියන තුරු මේ අපරාධ නවත්වන්න බැහැ...
අපේ රටේ පොලීසිය දක්ෂයි. නමුත් අපරාධකරුවන් නීතියේ හිඩැස්වලින් රිංගලා බේරෙනවා..!
පොලිසිය කියන දේවල් දැන් විස්වාස කරන්න අමාරුයි.., හේතුව පාස්කු ප්‍රහාරයේත් ඔය කෝලම දැක්කා. මහ මොලකරු තියා පොඩි මොල කාරයෝත් තාම නැහැ, සමාජ මාධ්‍යවලින්වත් අපට ඇත්ත දැනගන්න ලැබෙයි කියලා හිතනවා...!
සමන් කුමාර කියලා පුද්ගලයෙක් අත් අඩංගුවට අරගෙන තිබෙන බවත් ඔහුව අවි ආයුධ පෙන්වන්න කියලා රැගෙන ගොස් ගහලා දාන්න සූදානමක් පවතින බව ඊයේ සවස සමහර වෙබ්අඩවි වාර්තා කරලා තිබුණා. ඒක හෙලි වුණු නිසාත් ඔහුගේ බිරිඳ තම නීතීඥයින් මාර්ගයෙන් ඒ බව පොලිස් කොමිසමට දක්වා තිබෙන නිසාත් ඔහු ජීවිතය බේරාගෙන තිබෙන බවයි පෙනෙන්නේ....!
ඔය වාහනය ගාල්ලේ පන්සලකින් නේද හමු උනේ..? ලංකාවේ පාතාලය හා සංඝ පාතාලයේ තරම පේනවනේ නේද..? මොනා උනත් පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් කඩ ගිනි තියපු එවුන්ට මේ විදිහේ දරුණු මරණයන් අත් විය යුතුමයි...1983 දෙමළ ජාතිකයින්ගේ දේපොළ කොල්ලකාපු එවුන්ටත් ස්වභාව ධර්මයෙන් දඬුවම් දුන්නා... ඒ පරම්පරාවල දරුවන්ට පවා ඒ ශාපය තවමත් පල දෙනවා.. එහෙම නැත්නම් සියලුම ආගම ධර්මයන් බොරු....!!!
හොර බෙහෙත් ගේන ආපු මහා මොලකරු අල්ලන්න බැරි කමකුත් නෑ