(පද්මසිරි ගාර්දියවසම් )
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවුම ආසන්නයේදී අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ඇතුලු පුද්ගලයින් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු ගාල්ල , දොඩන්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් සැකකරු දොඩන්දූව ,කටුදම්පේ ,වැල්ලංගොඩ වත්ත ,අංක 143 ලිපිනයේ පදිංචි 52 හැවිරිදි තැනැත්තෙකි .
සැකකරුට අයත් බැංකු ගිණුමක් හරහා මෙම ඝාතන සිද්ධියට අදාල මුදල් ගණුදෙනු සිදුකර ඇති බවට සැකපිට මොහු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි . අත් අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා බෙලිඅත්ත පොලිසියට බාර දී තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ගෙදරටම ඇවිත් ඝාතනය කරලා ගිය ඇල්පිටියේ කුරුඳුගහ PHI මහත්මයාගේ ගාතනය ගැන කිසිම හෝඩුවාවක් තවම නැත්තේ මේක ආරක්ෂක අංශවල හෝ දේශපාලන අනුදැනුමක් පිට සිදුවුණු දෙයක් නිසාද?