(ගයාන් සූරියආරච්චි)
තංගල්ල මහාධිකරණයේ නඩුවකට පෙනීසිටීම සදහා ඊයේ (22) දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් ප්‍රසන්න පෙරේරා ඇතුළු පස්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම දැනට විදේශගතව සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොස්ගොඩ සුජී නැමැත්තා විසින් මෙම අපරාධය මෙහෙයවා ඇති බවට අනාවරණයවී ඇති බව වැඩබලන පොලිස්පතිවරයා පැවැසීය.
ඒ බව ඔහු සදහන් කළේ දැනට සිදුකරනු ලබන විමර්ශනවල ප්‍රගතිය පිළිබදව ඊයේ (23) සොයා බැලීම සදහා රැස්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.
පොලිසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කලක සිට දෙපාර්ශවය අතර පැවැති ගැටුම්වල ප්‍රතිපලයක් වශයෙන් මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවය.
මෙම විශේෂ සාකච්ඡාවට දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු උසස් පොලිස් නිළධාරීහු පිරිසක් මීට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජනබල පක්ෂය් සභාපති මත් ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව එම පක්ෂයේ ගෞරවනීය අනුශාසක වරුන් වන රත්න හිමි සහ ඤාණසාර හිමිවරුන් දැනසිටියාද? නැතහොත් උන්වහන්සේලා අනුදැනුම අනුව මෙම ජාවාරම සිදු කෙරුවාද යන්නත් සොයාබලන්න සිදුවෙනවා.
මේ නිසා අර පොලිසියෙන් මැරුව එක ගැන යටවුණා. දැන් මේකත් යට යනවා. හාමුදුරුවන්ගේ ඝාතනයත් එක්ක... මේ වගේ අපරාධවලට සම්බන්ධ අය එක්ක කොහොමද අපරාධ නවත්වන්නේ?
සමහර කතා තියෙනවා... කියන පුද්ගලයා දැක්කාම හිනා යන... මේකත් ඒක වගේ... සිද්ධිය වෙලා පැය 02ක්, 03ක් යනකොට කරේ කවුද? ඇයි කරේ ඔක්කොම දන්නවා. හැබැයි තාම කවුරුවත් අත්අඩංගුවටවත් අඩුම අර වාහනයවත් හොයාගන්න බෑ...
රට, ජාතිය බේරාගන්න පෙරට ආව චීවරධාරීන් ඡන්දේ ඉල්ලලා තියෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්ගේ පක්ෂයකින්ද?
ඔයා වැඩ බලලා ඉවරවෙන්න කලියෙන් අනෙක් ඝාතන ගැන තොරතුරුත් එළියට දීලා යන්න. බොහොම ස්තූතියි !