(ඩී.ජී.සුගතපාල)
බෙලිඅත්ත අධිවේගී පිවිසුම ආසන්නයේ කහවත්ත ප්‍රදේශයේදි පස් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරිම සඳහා ඝාතකයන් පැමිණි බව කියන ජිප් රථය ගාල්ල හැව්ලොක් පෙදෙසේ රථගාලේ නවතා තිබියදි සොයාගත් බව පොලිසිය පවසයි.
මාතර සිට පැමිණි විශේෂ පොලිස් නිලධාරි කණ්ඩායමක් විසින් මෙම පැජරෝ රථය අත් අඩංගුවට ගෙන ඇත.
මෙම වාහනයෙන් පැමිණි පිරිසක් අපේජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනකුට වෙඩි තබා එම ස්ථානයේම ඝාතනය කර තිබිණි.
මියගිය අය තංගල්ල අධිකරණයේ නඩුවකට පෙනි සිටිම සඳහා පැමිණෙමින් සිටියදි මෙසේ වෙඩිතබා ඝාතනය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනය ඉතා ඉක්මනින් අදිකරණයට යාවා දඩුවම් ලබා දිය යුතුයි