(ගයාන් සූරියආරච්චි සහ යොහාන් භාසුර)
තංගල්ල උසාවියේ විභාග වෙමින් පවතින නඩුවක් සඳහා සාක්ෂි ලබාදීමට ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කර සිටි අපේ ජන බල පක්ෂයේ සභාපති ඇතුළු පස් දෙනෙකු ඝාතනය සඳහා වෙඩි උණ්ඩ තිස් හයක් භාවිතා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාවේ නිහල් තල්දුව මහතා පැවසීය.
කොට්ඨාස අපරාධ ස්ථානයේ පරීක්ෂණ නිලධාරීන් විසින් වෙඩි තැබූ ස්ථානයේ තිබී ටී 56 පතුරම් කොපු 36 හමුවී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම ඝාතනය පිළිබඳ විමර්ශන සිදු කිරීම සඳහා දකුණු පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් හයක් යොදා ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඒ අනුව දකුණු පළාත් අපරාධ කොට්ඨාසය, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, තංගල්ල මූලාස්ථාන පොලිස් පරීක්ෂකවරයා යටතේ පොලිස් කණ්ඩායමක්, බෙලිඅත්ත පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක්, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ පොලිස් කණ්ඩායමක්, සහ බුද්ධි නිලධාරීහු සියලු දෙනාද මේ පිළිබඳ විමර්ශන සිදු කර බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්හි සාමාජිකයන් විසින් සිදු කර ඇති බවට පොලිසිය විශ්වාස කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් අතන මෙතන ගිහින් සාක්ෂි හොයන්න තමා වෙන්නේ
ඔය විදියටම අනික් පක්ෂ වල නායකයෝ යන වාහන වලටත් වැඩේ දුන්නා නම් මේ කල්ලියේම නමට වැටෙන්න ,පින්ගුත්තරට ලබන චන්දෙ නොතියාම දිගටම ඉන්න පුළුවන් ,ඒ විතරක්ද ?වැඩ බලන්නට ස්ථිර වෙන්නත් පුළුවන්