(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
රජය අප්‍රේල් මාසයේ සිට සහල් බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. අපි ඒ වැඩසටහන අගය කරනවා. නමුත් තෝරා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව බරපතළ ගැටලු තියනවා.
ප්‍රමිතියෙන් තොර සහල් බෙදාදීම් සමහර තැන්වල සිදුවෙනවා. හාලිඇල ප්‍රදේශයෙන් එහෙම සිද්ධියක් වාර්තා වුණා. ඒක හෙළි කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩ කරන රජිත කීර්ති තෙන්නකෝන්. මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා මම ඉල්ලනවා.
බෙදා දෙන හාල්වල ප්‍රමිතිය පවත්වාගෙන යා යුතුයි. මොකද මේවා දෙන්නේ අපේ රටේ ජනතාවට. හොයලා බලලා කටයුතු කරන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි කියලා රජයෙන් ඉල්ලීමක් කරන එක හොරාගේ අම්මාගෙන් පේන ඉල්ලන එක වගේ...!
ගොඩාක් හොදයි . ඒ වාගේම බාල පෙට්ටි ගෙවල් ගැනත් විදිමත් පරීක්ෂණයක් , බලයට ආපු ගමන් කරනවා කියල පොරොන්දු වෙන්න . එතකොට හිතන්නේ නැති චන්ද ප්‍රමාණයක් ලැබෙයි !