(ඩයනා උදයංගනී)
විදුලිබිල වැඩිකිරීමට අමාත්‍ය මණ්ඩලව ගත් තීරණය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම මෙතෙක් කිසිඳු එකඟතාවයක් ලබානොදීම නිසා විදුලිබල මණ්ඩලය ගැටලු රැසකට මුහුණ පා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ දී අඛණ්ඩව විදුලිය ලබාදීමට පමණක් රුපියල් කෝටි 500ක් අවශ්‍ය වන බවත්, ඒ ඇතුළු වියදම් සොයාගැනීම ගැටලුවක් වී ඇති බවත් ඇමතිවරයා පැවසීයැයි ද ගුණවර්ධන මහතා කීවේය.
බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
විදුලි ගාස්තු ජනවාරි 1 සිට ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන්නත් ඔවුන් මෙතෙක් තමාට හෝ කැබිනට් මණ්ඩලයට ලිඛිතව කිසිඳු එකඟතා දැනුම්දීමක් කර නොමැති බවත්,ගාස්තු වැඩිකිරීමකින් තොරව විදුලිය සපයන්නේ කෙසේයැයි තමාට සිතාගත නොහැකි බවත් ඇමතිවරයා එහිදී පැවසූ බව ද ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් අන්තිමට හොරු ගොඩට වැටුණු ගිිරවා වුණා.
ලංවිම සහ පින්පඩි ගත්ත සේවක රැල කරන කැපකිරීම කුමක්ද. මහජනතාව පීඩාවට පත්කර මෙතෙක් කොල්ලකන ලද මුදල කොපමණද? කම්කරුවන්ට නිකම්ම පඩිගෙවන ආයතනයක් නොවේද
ගැටලුව කොමිස් මණ්ඩලේද.?
කරන්න පුළුවන් කෙනෙකුට දීල ඔයා ගෙදර යන්න. මතක ඇතුව අර වැඩ බැරි GM වත් අරන් යන්න
තොපෙ රජපක්ශ පව්ලෙ උන්ට දෙන්න කියාපිය. රටෙ අහිංසකක මිනිස්සුන්ගෙන් හොරා කාපු සල්ලි. තොපිට හිතගන්න බරි උනට. අපිට හොදට හිතා ගන්න පුලුවන්.
පාඩු ලබන ආයතන වලට බෝනස් දීපු ආකාරයට මුදල් හොයාගන්න. නැතිනම් තාවකාලිකව ආපස්සට අයකරගන්න.
අනේ යන්න මෙයා යන්න ඔයා සහ බන්දුල දෙන්නම එකයි.
ඒ කතාව නම් හරි. හිතන්න මොලයක් නැති නිසානේ ඔයාලා ඔතනම ඉන්නේ.
මහින්දයගෙ අධෝ මුඛය ලෙවකන බංදුලයා වරකො ඡන්දෙට එදාට දෙන්නම් උබලට
ආයතනයක මුල්‍ය කළමනාකරණය පිළිබඳව අංශු මාත්‍රයකවත් මේ ගොන් නාම්බන්ට වැටහෙනවද.?
බදු වැඩි කරනවට ඉස්සර වෙලා විරුද්ධ වුනේ ලංවිම. ඇයි ඔක්කොම ලක්ෂයකට වැඩි පඩි ගන්නවා . බෝනස් ලක්ෂ ගණන් . අර්බුදය තියෙන්නේ එතන. ඔන්න ඔය සල්ලි නාස්තිය අඩු කරන්න. එ වගෙම වැඩි මිලට පුද්ගලික අංශයේ විදුලිය අරගෙන යටි මඩි ගහගන්න සල්ලි ගැන හොයන්න. රජයේ ම ආයතන කෝටි ගණන් පොලු තියල. මේ සිසියල්ලටම වග කියන්නේ අහිංසක ජනතාව ද.
දූෂනය වංචාව නාස්තිය නිසා පාඩු ලබන විදුලිබල මණ්ඩලය පාඩු පියවීමට විදුලිය මිල වැඩිකිරීම තවදුරටත් මහජනතාවට දැරිය නොහැකි තත්වයක් උදාවී ඇත. විකල්ප බලශක්ති ක්‍රමවලට යොමු නොවන්නේ ජනතාවගේ කරුමයටද ?
පුවත් පතක තියෙනවා දුරය හැර ගිය ජනාධිපතිට වාහන 19 සහ ආහාර වෙනුවෙන් මසකට මිලියනයකට ආසන්න මුදලක් වැය කරනවා කියලා. බංකොලොත් උන රටක මහජන මුදල් අවභාවිත කරන හැටි. ඔය මුදල් මන්දපෝෂණයෙන් පෙලෙන දුප්පත් දරුවන්ට දුන්න නම් හොද නැතිද.