( නිමන්ති රණසිංහ )
දිනේෂ් එරංග නොහොත් කළු බෝලේ (32) යන අය වෙඩි තබා ඝාතනය කළැයි කියන සිද්ධියකට සම්බන්ධව අධිකරණයට බාර වූ රණසිංහ ආරච්චිලාගේ සංඛ හෙවත් ‘බ්ලූ මැන්ඩල් සංඛ‘ ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධාගාරගත කරන්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (10) නියෝග කළාය.
නීතීඥයකු මාර්ගයෙන් අධිකරණයට බාර වූ බ්ලූ මැන්ඩල් සංඛ දණ්ඩ නීතී සංග්‍රහය යටතේ 296 වගන්තිය ප්‍රකාරව ඇප දිය නොහැකි වරදක් බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.
මෙම සිද්ධියෙන් තිදෙනකු තුවාල ලබා ඇති අතර ධම්මිකා නිල්මිණි නැමැත්තිය මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං මේ නිකං අහන්නේ. අර ඩුබායි පැත්තේ ඉඳල අල්ලාගෙන ආව නේද හාදයෙක්, රොටී පිච්චුව කියල කුඩුවලින්. දැන් සද්දයක් නැහැ නොවැ. මේ පුවතේ ඉන්න මහත්තයගෙත් නම සඳහන් වෙනවා නැතුව යනවා, ආයේ එනවා ආයේ යනවා. මධුෂ් මහත්තයත් එහෙම වෙන්න ඇති, නේද?