
(මුදිතා දයානන්ද)
බාල එන්නත් ගෙන්වීමේ ජාවාරම පිටුපස හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා පමණක් නොව ඊට පෙර සිටි සෞඛ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු ද සිටින බවට සැකයක් පවතින්නේ යැයි ජාතික ජන බලවේගයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
ඔහු මේ බව පැවැසුවේ, බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යලයේදී පැවැති මාධ්‍ය හමුවකදී බාල ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් මාධ්‍යව්දියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මීට පෙර පැවරූ බොහෝ දූෂණ නඩු විභාගවලදී ඒවාට සම්බන්ධ දේශපාලනඥයන් අත්අඩංගුවට නොගත්තා සේම මෙම සිදුවීමට සම්බන්ධ දේශපාලනඥයන් ද අත්අඩංගුවට නොගන්නා බව ද ඔහු පැවැසීය.
මෙම ගනුදෙනුව කෝටි සියයක ගනුදෙනුවක් බව ද, අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා යැයි කියන පුද්ගලයා එවැනි කොන්ත්‍රාත්තුවක් කළ හැකි මට්ටමක කෙනකු නොවන බව ද, ඔහු මෙහි එක ඉත්තකු පමණක් බව ද ජයතිස්ස මහතා කීය.
ජනාධිපතිවරයා රට පුරා තැන තැන ගිහින් විශ්වවිද්‍යාල හදන්න පොරොන්දු දුන්නත්, අලුතෙන් ආරම්භ කළ වෛද්‍ය පීඨ තුන මගින්වත් ගුණාත්මක වෛද්‍යවරුන් මෙරටින් බිහි කරගැනීම සඳහා කිසිදු සැලසුමක් නැතැයි ද ඔහු පැවැසීය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනුමත කළ වෛද්‍ය පීඨ අටක් රටේ පවතින අතර, වයඹ, සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලවලට අනුබද්ධව තවත් වෛද්‍ය පීඨ අටක් රජය ආරම්භ කළ බව ද, එහෙත් ඒවාට වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාගත හැකි අඩුපාඩුකම් සැපිරීමට තවමත් පාලකයන් අසමත්ව ඇතැයි ද ජයතිස්ස මහතා කීය.
මේ වෛද්‍ය පීඨවල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට පුහුණුව ලැබීම සඳහා ශික්ෂණ රෝහලක් අවශ්‍ය පහසුකම් සහිතව ගොඩනගා නැති බව ද, අවශ්‍ය කරන මහාචාර්ය ඒකකයන් ගොඩනගා නැති බව ද, මේ නිසා මේ පීඨවල ඉගෙන ගන්නා සිසුන් විශාල පිරිසක් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ද ජයතිස්ස මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්බුධ තියෙන තරමට නලින්දලාට හොඳයිනේ....කියව කියවා ඉන්න පුළුවන්නේ..