(මනෝප්‍රිය ගුණසේකර)
බාල බෙහෙත් ජාවාරමට අදාළව කටඋත්තර ගැනීමට සිටියදී විදේශ ගතව සිටින වෛද්‍ය සැපයුම් අංශයේ රාජකාරි කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඉංග්‍රීසි භාෂාවෙන් අද (29) වරෙන්තු නිකුත් කළාය.
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ ගැනීමට සොයමින් සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාට අද දින රහස් පොලිසියේ පෙනී සිට ප්‍රකාශයක් දෙන ලෙස දැනුම් දෙමින් ‘වට්ස්අප්’ මාර්ගයෙන් දැනුම් දීමක් කළ බව කියමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය කළ ඉල්ලීමක් පිළගනිමින් මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
මෙම සිද්ධියට අදාල සැකකරුවන් ලබන 14 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදලාව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කිරීමටද රහස් පොලිසියට වැඩිදුරටත් නියම කළාය.
පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු මහතා” වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන් මහත්මිය” ගණකධිිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය තොග පාලක සුජිත් කුමාර (ඇප මත මුදාහැර ඇත) සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත” වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් නමැත්තන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී”
මෙම සිද්ධියට අදාල පැමිණිල් කැඳවනු ලැබූ අවස්ථාවේදී රෝගී තත්වයකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්‍ෂ වෛ්‍ය කපිල වික්‍රමනායක සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගිලන් රථ මඟින් අධිකරණයට ඉදිරිපත් කෙරිණී”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙහෙත් පාවිච්චි කරන්නේ අසරණ රෝගීන්... මේ වන්චා කරපු සැමට මරණ දඬුවම තමයි දෙන්න ඕනෙ දඬුවම...
ඔය බොරු ලෙඩ අරගෙන ආපු ඇම්බියුලන්ස් එකේ මුදල් අයකර ගන්න. ඔය බරත් ජනතාව පිට දාන්න එපා.
නිවන්සුව...
සෞඛ්‍ය ඇමැති වුණා කියලා මාවම කන්න බලාගෙන ඉන්නේ නැතුව වෙන කවුරු හරි අත්අඩංගුවට ගන්නකෝ අයිසේ.. හරි සර්...!