
(සුමිත් පොතුපිටිය)
මත්පැන් පානයකොට පෞද්ගලික බස් රථයක මගීන් ප්‍රවාහනය කළ රියදුරකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා අද නියම කළේය.
ඊට අමතරව රුපියල් 40,0000 දඩයක් ද නියම කළේය.
මෙසේ දඬුවම් නියම වූයේ වේදනයගම් ඇඩ්වින් නිමල් නමැති බස් රියැදුරකුටය.
පෞද්ගලික ආයතනයක සේවකයන් පිරිසක් රැගෙන පානදුර දෙස සිට කළුතර දෙසට ධාවනයවූ බසය පානදුර නල්ලුරුව ප්‍රදේශයේදී නවතා පරීක්ෂා කිරීමේදී රියදුරු වෙතින් මත්පැන් දුඟදක් හැමූ බැවින් පොලිස් භාරයට ගෙන සිදුකල පරීක්ෂාවකදී මත්පැන් පානය කර සිටී බවට තහවුරු වූ පොලිසිය අධිකරණයට දැන් වූය.
ඒ අනුව මගීන්ගේ ජිවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන් තරයේ අවවාද කිරීමෙන් පසු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දඩුවම් නියම කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම උණ ගැනෙන තීන්දුව. ගංජා, අයිස්, හෙරොයින් ඩ්‍රයිවර්ලටත් මේකම කරන්න. නැත්තම් මේ අය හැදෙන්නෙ නැහැ.
උසාවියේ තීන්දු විවේචනය කරන්න යන්නේ නැහැ මම. නීතිය දැඩිව ක්‍රියාත්මක වීම හොඳයි. කලින් ගාල්ලේ අනතුරක් කරපු බස් රියදුරෙක්ගේ බලපත්‍රය තහනම් කලාම ඒ මිනිහා වෙනත් පලාතකින් බලපත්‍රයක් අරගෙන ඒ බලපත්‍රයෙන් රියපදවා බරපතල අනතුරක් කළා, එක තමයි අර ආරක්‍ෂක විශ්වවිද්‍යාල බස් අනතුර. ඉතින් ඒ වගේ හිල් වහනවා නම් හොඳයි.
ගරු අධිකරණයට අපගේ ගෞරවය පුද විය යුතුය.
බීලා වාහන එලවන සෑම රියෙදුරෙකු ගේම රියදුරු බලපත්‍රය ජීවිත කාලයටම තහනම් කරනව නං හොදයි
මේක සාධාරණ ද කියල දැන ගන්න තව නඩුවක් දාන්න වෙනවා
මෙන්න බීලා එලවන කෙනෙක්...!