(අංජුල මහික වීරරත්න)
තත්ත්වයෙන් බාල පළිබෝධ නාශක සපයන සමාගම් වල බලපත් අහෝසි කර එම සමාගම් අසාදු ලේඛන ගත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කිසියම් සමාගමක් විසින් ගොවීන්ට සපයන පළිබෝධ නාශක තත්ත්වයෙන් බාල නම් එම සමාගම්වලට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ දිස්ත්‍රික් සභාපතිවරුන් කෘෂිකර්ම අමාත්‍යවරයාට ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බලමින් අමාත්‍යවරයා මෙම පියවර ගත්තේය.
ඇතැම් සමාගම් වලින් ඉහල මිලක් ගෙවා ගත් පලිබෝධ නාශක වලින් වල් මර්දනයේ දී හා කෘමි මර්දනයේ දී නිසි ප්‍රතිඵල ලබා දීමට අපොහොසත් වූ බවත් ඒවා බාල තත්වයේ පවතින බවත් ගොවි නියෝජිතයෝ කෘෂිකර්ම අමාත්‍යවරයාට පැවසූහ.
ගොවීන්ගේ ඉල්ලීම් වලට පිලිතුරු දුන් අමාත්‍යවරයා කිසියම් සමාගමක් මගින් අලෙවි කරන පළිබෝධ නාශක තත්ත්වයෙන් බාල බවට හැඟී ගියහොත් වහාම කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පලිබෝධ නාශක ලේකම් කාර්යාලයට දැනුම් දෙන ලෙස පැවසීය.
මෙම මහ කන්නයේ දී ගොවිජන සේවා මධ්‍යස්ථාන වලිනුත් පලිබෝධ නාශක බෙදාහැරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන බවද ඒ අනුව තත්ත්වයෙන් ඉහල පළිබෝධ නාශක ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් ලබා ගැනීමට ගොවීන්ට අවස්ථාව ලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසදු ්න ? එහෙම තියෙනවානම් තත්වයෙන් බාල ඖශඩ මෙරටට ගෙන එයිද?
කිය කිය නම් ඉන්න එපා ප්‍රායෝගිකව කරන්න .මාසෙකට සමාගම් කීපයක් (2 ක් 3 ක් )බලපත්‍ර අහෝසි කරන්න ,එතකොට හැදෙනවා
දැනට කීයක් අහෝසි කරල තියෙනවද? කාව රවට්ටන්නද බොරු කයිවාරු කෙළින්නෙ.