ප්‍රකට පුරාවිද්‍යාඥයකු වූ එච්.සී.පී.බෙල් මහතා වසර 100කට ඉහතදී තිලිණයක් වශයෙන් ලැබී, දළඳා මාළිඟයෙන් බ්‍රිතාන්‍යයට රැගෙන ගිය බවට සැලකෙන බුදු පිළිමයක් ඔහුගේ මුණුබුරකු විසින් නැවත ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
මෙය, බෙල් මහතා 19 වන සියවසෙහිදී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානවල කැනීම් කරමින් සිටි කාලයේ, විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ගිය අවස්ථාවක ඔහුට ලැබුණු බුදු පිළිමයක් බව පැවසේ.
එච්. සී.පී.බෙල් මහතාගේ මුණුබුරකු වන කෙනෙත් බෙල් මහතා සහ ඇගේ දුව වන ෆියෝනා මහත්මිය විසින් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ සිට නුවර දළදා මාළිගය වෙත මෙම පිළිම වහන්සේ වැඩමවාගෙන පැමිණෙන ලදී.
ඔවුන් පැවසුවේ මෙම පිළිමවහන්සේ ඔවුන්ට පරම්පරාවෙන් හිමි වූ නමුත්, එය ශ්‍රී ලංකාවට අයත් විය යුතු බව සිතා පරිත්‍යාග කිරීමට අදහස් කළ බවයි. එයින් ඔවුන් තෘප්තියක් ලැබූ බවයි.
16844
(බීබීසී ඇසුරිනි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙල් මහතා මිය ගියේ ලංකාවේදීය. අවසන් කටයුතු කෙරුනේ බොරැල්ලේදීය. මෙතන ලොකු පටලැවිල්ලක් තිබෙන බව පෙනේ. අප දන්නා තරමින් ඔහුගේ ජීවිතයේ වැඩි කාලය ගෙවුනේ ලංකාවේදීය. සොයා බලන්න.
ඔබ දෙපලගේ උතුම් ක්‍රියාවට බොහොම පින්.
අගය කළයුතු මිනිසුන්... එංගලන්තයේ මෙය පරිස්සමින් තිබුණත් ලංකාවේදී පරිස්සමින් තියා ගන්න තමයි ටිකක් අමාරු...
බෙල් මහතා ඇත්තටම පුරා විද්යාඤයෙක් නෙමේ. එයා රෙලික් හන්ටර් කෙනෙක්. අපේ තිබ්බ පුරාවස්තු ගොඩක් විනාශ කළා. ගෙනියන්න පුළුවන් ඒවා එංගලන්තෙට යැව්වා. රාජකීය ආසියාතික සංගමය මගින් ලංකා ඉතිහාසය විකෘති කළා.
මේ ගැන මගේ මුල් සටහනේ වැරදීමක් ඇත. කණගාටුයි. කෙසේවුවත් බෙල් මහතා මියගියේ මහනුවරදීය. ඔහු ලංකාවට පැමිණීමෙන් පසුව මේ රටෙන් පිටවී යුරෝපයට කවදාවත් නොගිය බව ස්ථිරවම කිව හැකියි. බෙල් මහතා ලංකාවේ පුරාවිද්‍යාව වෙනුවෙන් ඉතා ප්‍රශංසනීය සේවයක් කළ නමුත් එක්තරා ලේඛකයෙක් වරක් එතුමා නිධන් හාරා එංගලන්තයට රැගෙනගිය කොල්ලකරුවෙකු ලෙස හඳුන්වා තිබුණි. කෙසේ වුවත් යොදා ඇති හෙඩිම අනුව, බෙල් මහතා මේ රටේ කැණීම්වලින් සොයාගත් භාණ්ඩ එංගලන්තයට ගෙනගිය හොරෙකුයි.., යන මතයට රුකුල්දීමක් විය හැකි බව කණගාටුවෙන් සටහන් කරමි.
මේක ගෙනත්දීලා ගොඩක් කල් නේද? මම කලින් මේ නිව්ස් එක දැක්කා වගේ මතකයි.
බෙල් අපේ පුරා විද්‍යාවට සේවයක් කළාද නැද්ද කියන්න මම දන්නේ නැහැ නමුත් අපේ බොහෝ ඓතිහාසික පුරා විද්‍යා සාධකනම් බ්‍රිතාන්‍යට අද්දා කියලා තමයි අහලා තියෙන්නේ. විශේෂයෙන් අපේ බොහෝ රාණික පුස්කොළ පොත් එහෙ ගෙනිහින් අප්‍රසිද්ධ කෞතුකාගාරේක ගොඩ ගසා තිබෙන බවත් අසා තිබුනා .මම හිතන්නේ රජයේ වගකිව යුතු සංස්කෘතික කටයුතු ඇමති කියලා කවුරු හරි ඉන්නවා නම් එයාගේ වගකීමක් තමයි මේ මංකොල්ල කාපු අපේ ඉතිහාසය ආපහු ගෙනෙන්න කටයුතු කරන එක. ඉතිහාසයක් නැති ජාතියක් බවට අපිව පත් කරන්න විදේශිකයන් වලි කන්නේ ඇයි කියලා තේරුම් ගත යුතුයි.
බෙල් මහත්තාට තිබුණේ අර කඩුවත් අරගෙන යන්න. එහෙනම් එ්ක තාමත් සුරැකෙනවා පිටරටක වුණත්...
එකම ප්‍රවෘත්තිය දෙපාරක්... ගිය අවුරුද්දෙත් මේ විස්තරයම මේ පත්තරේම තිබුණා.
මොකක් හරි ගෙනියපු දෙයක් හම්බවුණු එක ගැන සතුටුවෙමු. අර රූප පෙට්ටියේ ඉන්න චීවරධාරීන් වගේ හැම දේකම නරක පැත්ත විතරක් බලන්න එපා. ඔය පිළිම වහන්සේ වුණත් මෙච්චර කල් අප ශ්‍රී ලංකාවේ තිබුණා නම් අපේ මගෝඩි හොරෙක් සමහර විටක බුද්ධ පුත්‍රයෙක් විදියට ඉන්න චීවරධාරියෙක්ම ඕක විකුණලා ගොඩක් කල්....
සීගිරියෙන් අරන්ගිය අපේ වටිනා දේවල් ටිකත් ලබාගත්තා නම් හොඳයි.
පරණ නිවුස් එකක්. බෙල් පුරාවිද්‍යාඥයකු වුනේ අපේ රටේ මිල කල නොහැකි පෞරාණික සම්පත් මංකොල්ල කන්න සහ අපේ සැබෑ ඉතිහාසය වහලා දාන්න. මේ දීලා තියෙන්නේ බෙල් හොරකම් කරන් ගිය සම්පත්වලින් දශමයක්. අපේ ඉතිහාසයේ ඈතම මඟ සලකුණු කරන අති පැරණි සාක්ෂි ඔක්කොම ඔහු හොරකම් කරගෙන ගියා. අනිත්වා වහලා දැම්මා. මේවා කලිනුත් කිහිපතැන විශේෂයෙන් ඉංග්‍රීසි වෙබ් අඩවියකට මම ලියලා තියෙනවා 2015 ඉඳන්. බ්‍රිතාන්‍යයින් ලංකාවට නාමික නිදහසක් දීලා යනකොට නැව් සීයක් පුරා අපේ වටිනා රන්, රිදී, මුතු මැණික්, රෙදිපිළි, ආභරණ, පුස්කොල පොත් සහ ඉතා වටිනා බෞද්ධ පුරාවස්තු හොරකම් කරන් ගියා. අපේ ඉතිහාසයේ සාක්කි ඔක්කොම තියෙන්නේ බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවේ. දැන් රටට ආදරය කරන ජනතාවගේ ඡන්දෙ අරගෙන ඇමරිකාවත් එක්ක එකතු වෙලා ඉතිහාසයේ ලොකුම පාවාදීම කරන්න යනවා. යටිතල පහසුකම් වැඩි දියුණු කරන්න කියලා කරන්න හදන්නේ අපේ ඉතිහාසයේ ඉපැරණිම ජයභූමි ටිකත් ඇමරිකාවට දෙන්න. ඇමරිකන් කාරයාවම ජනාධිපති කරන්න ඕනේ කියපු ගිහි පැවිදි හොර දේශප්‍රේමීන් අද ඔහු ජනතාවට දෙන ටොෆි, ලොලිපොප්, කැරට් විකුණ විකුණා ඉන්නවා. ඇලිස් වේල්ස් කරපු බරපතල ප්‍රකාශය ගැන සියලු හොර දේශප්‍රේමීන් නිහඬයි. නිර්වින්දනය වෙලා.
එංගලන්තයට ගෙනගිය නිසා පරිස්සම් වුණා. මෙහෙ තිබුණා නම් දේශපාලන කන්ගැට්ටෙක් එ්ක උස්සලා...
මේ කොමෙන්ට්ස් කර ඇති බොහෝ දෙනා බෙල් මහතා ගැන දන්නේ නැහැ. එහෙම නැත්නම් ඔවුන් අන්ත ගුණමකුවන් ලෙස සැළකිය හැකියි.