( අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමලය, නිලාවෙලි බොරළුකන්ද රජමහා විහාරයේ තහනම ඉවත් කිරීමට එරෙහිව උප්පුවේලි සාම්බල්තීව් පාලම අසලදී අද (03) යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හා සෙල්වරාසා ගජේන්ද්‍රන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණයක් පැවැත්වුණි.

මෙම උද්ඝෝෂණය ත්‍රිකුණාමලය දෙමළ සභාව නැමිති සංවිධානයක් විසින් සංවිධානය කර තිබුණි. පළමුව නිලාවෙලි පොලිස් බල ප්‍රදේශයට අයත් බොරළු කන්ද රජමහ විහාරය පිහිටි පෙරියකුම් හංදියේ උද්ඝෝෂණය සිදුකිරීමට සැළසුම් කර තිබුණි. පසුව නිලාවෙලි හා උප්පුවේලි පොලිස් වසම් මායිම් වන සාම්බල්තීව් මංසංධියේ දී ඒය පැවැත්වීය.

මෙම විරෝධතාවය හේතුවෙන් නිලාවෙලි - ත්‍රිකුණාමලය මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ලවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පැවැසුවේ 48 නිදහසින් පසු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියයට හතරක් වු සිංහල ජන ගහණය නිදහසින් පැවැති ආණ්ඩු විසින් ජනතාව පදිංචිකර විශාල ලෙස වැඩිකර ඇති බවයි.

මේ වනවිට දෙමල ජනයා පදිංචි ප්‍රදේශයන්හි බෞද්ධ විහාර සාදා සිංහල ජනතාව පදිංචි කරවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි. දෙමල ජනතාව පදිංචි ප්‍රදේශ සිංහලකරණය කිරීම නිසා තිස් අවුරුදු යුද්දයක් පවා ඇතිවු බවත් ඉතිහාසයේ පැවැති රජයන් කල මෙම වරද වත්මන් ජනාධිපතිවරයා සිදුනොකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද පැවැසීය.