(යොහාන් භාසුර)
පෙට්‍රල් සහ ඩීසල් නෞකා දෙකක් මෙම මස 23 සහ 24 දෙදින බලාපොරොත්තු වන බවත් ඛනිජ තෙල් සංස්ථාව සතුව පෙට්‍රල් තොග නොමැති වීම හේතුවෙන් ඉදිරි දින තුන, හතර තුළ පෝලිම්වල රැදී නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචනස විජේසේකර මහතා පැවසීය.
එම නෞකා සඳහා මහ බැංකුව ඩොලර් මිලියන 90 ක් නිදහස්කර ඇති බව කී අමාත්‍ය විජේසේකර මහතා සඳහන් කළේ ටෙන්ඩර්වලට සැපයුම්කරුවන් ප්‍රතිචාර නොදැක්වීම නිසා විකල්ප ක්‍රමයන්ට මෙම මිලදී ගැනීම් කරන බවත්ය.
එම පෙට්‍රල් සහ ඩීසල් තොග පළමුවර ඇනවුම් ලැබූ සැපයුමකරුවන්ගෙන් ලැබීමට නියමිත නිසා ලැබෙන දින පිළිබඳව නිශ්චිතව කිවනොහැකි බව කී අමාත්‍ය විජේසේකර මහතා සැපයුම්කරුවන් 11 දෙනකුට ඇනවුම් භාරදී ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ පෝලිම් යුගය දිගටම පවත්වා ගෙනයනවා. මේ නිවේදනය නිකුත් කරන්න අපේ රටට කැබිනට් ඇමැති කෙනෙක්... ඉතින් අපි ආඩම්බර වියයුතු නොවේද...?
පෝලිම් යුගය ආයෙ කවදාවත් නැති වෙන්නේ නැහැ. ඔයාලා සිහින ලෝකවල ඉන්නවා නම් දැන් නැගිටින්න. මේක මෙච්චර තමයි. පෝලිම් නැති වෙන්න නම් ඔයාලා වෙන රටකට යන්න. මේවා දාලා..
මේක අලි කෙප්පයක්...!!! ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අය හෙට ලංකාවට එනවා. එවිට ඒ අය ලංකාවේ පවතින ඇත්තම තත්වය දකිනවා. එය මගහරවා ඒ නියෝජිතයින් රවට්ටන්නයි මේ හදන්නේ... බ්‍රහස්පතින්දා නොවෙයි මේ ජනාධිපතිත් ආණ්ඩුවත් ගෙදර යනකම්ම අපි පෝලිම්වල ඉන්නවා. අපි මේ කතාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලටත් ඊ- මේල් හරහා දැනුම් දුන්නා...!
ආර්ථික සැලසුම්කරන විශේෂඥයින් හැමතැනම සිටියත් ඔවුන් ක්‍රියාකාරීව මෙවැනි ආර්ථික අර්බුදයක අනතුරු ඇඟවීම් ආණ්ඩුවට දැනුම්දී එය සමනය කිරීමට අවශ්‍ය පියවර මුලදීම ගන්න තිබුණා. එහෙම කළා නම් අද මෙවැනි තෙල් හා ගෑස් පෝලිම් ඇතිවන්නේ නෑ. තෙල් මත සමස්ත අර්ථික ක්‍රමයේ ක්‍රියාකාරිත්වය තීරණය වෙනවා. මේ උද්ධච්ච පාලකයින්ට ඒක පිළිගැනීමට තරම් මොලයක් නැති නිසා අර්බුද කළමනා කරණයට අවශ්‍ය පියවර ගැනීමට බැරිවුණා. ඒකෙ ප්‍රතිවිපාක අද සමස්ථ ජනතාවම මූණදී සිටිනවා. මම හිතන්නේ පාලකයින්ටත් රටේ ආර්ථික ක්‍රමය යහපත් ලෙස හැසිරවීමට ආර්ථික ක්‍රමය පිළිබඳ යම් දැනුමක් අවශ්‍යයි. ඔවුන්ට හොරකම් කිරීම නොකළ යුතුබවට මොල සේදීමක් අවශ්‍යම වෙනවා. ඒ නිසා නිකම් අටවත් පාස් නැති අත්දැකීම් නැති පරම්පරාවෙන් දේශපාලනය කළ පමණින් පුද්ගලයින් ජාතික නායකයින් නොවිය යුතුයි. ඡන්දය දෙන ජනතාවටත් මෙහි යම් වගකීමක් තිබෙන බව කිවයුතුයි.
කොමිස් කාක් පුතා සාකච්ඡාවලට කිසිම හේතුවක් නැතිව සහභාගී වෙනකොට දැනගත්තා ඔය කියන විකල්ප ක්‍රම භාවිතා වෙන බව..
මට දැනෙන විදියට කරන්න හොඳම වැඩේ සියලුම ෂෙඩ්වල ටැංකි පුරවන්න පුළුවන් තෙල් ප්‍රමාණයක් බෙදා හරින තෙක් රට ලොක්ඩවුන් කරලා හරි ෂෙඩ් පිරුණාට පසු රට අරින එක හා හැකිතරම් බොරතෙල්, නෞකා රුසියාවෙන් ආනයනය කරන එක හා තෙල් ගෙන්වීමට පුද්ගලික අංශ, ආයතන වලට බාරදීමයි. එතකොට මේ ප්‍රශ්න සියල්ල හමාර වේවි...!
මේ හලෝ ! නාමල් රාජපක්ස එක්ක මීඩියා කොන්ෆරන්ස් වලට එන්න එපා