
(විමුක්ති එස් රුද්‍රිගු)
තායිලන්තයේ පැවැති නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදනය සඳහා වූ ජාත්‍යන්තර සම්මාන වේදිකාවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කොළඹ බුර්හානි සෙරන්ඩිබ් පාසලේ සිසුන්ට ටයිටේනියම් සම්මානය දිනා ගැනීමට ඊයේ(28) සමත් වූවේය.
කොළඹ බුර්හානි සෙරන්ඩිබ් පාසලේ සිසුන් ඊයේ(28) පැවැති අවසන් තරඟයේදී රොබෝ විද්‍යා ක්ෂේත්‍රයෙන් දැක්වූ සුවිශේෂී දක්ෂතාවය හේතුවෙන් ඔවුන්ට ටයිටේනියම් සම්මානය හිමි වූවේය.ටයිටේනියම් සම්මානය යනු එහිදී පිරිනැමෙන දෙවැනි ඉහළම සම්මානය වේ.මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තවත් රටවල් 25 ක් සමඟ තරඟ වැද ඇත.
තරඟාවලිය සඳහා කණ්ඩායම් 441 නියෝජනය කරමින් සිසුන් 1000 කට වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර රොබෝ විද්‍යාව පිළිබඳ කුසලතාවය විදහාපාමින් ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලාංකික කණ්ඩායමක් තරඟ වැදි ප්‍රථම අවස්ථාවද මෙය විය.
දැක්වූ දක්ෂතා හේතුවෙන් කාම්බෝජයේ පැරගන් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය පූර්ණ ශිෂ්‍යත්ව දිනා ගැනීමට ශ්‍රී ලාංකික සිසුන් සමත් වී ඇත.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බුර්හානි සෙරන්ඩිබ් පාසලේ සිසුන්ට සම්මානයක්
fairoos Sunday, 28 April 2024 06:55 PM
සුබ පැතුම්..!
Chamila Fernando Sunday, 28 April 2024 07:06 PM
හදවතින්ම සුබ පැතුම්...!