බ්‍රසීලය තම රටේ නිෂ්පාදිත පළමු සබ්මැරීනය පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත.
ඔවුන් එය රියචුලෝ යනුවෙන් නම් කර ඇත.
නව සබ්මැරීනය ජාතික ආරක්ෂක මූලෝපායන් සඳහා එය නව උපකරණක් ලෙස භාවිතා කිරීමට අපේක්ෂා කරන බව නාවික අණදෙන නිලධාරී එඩුරාඩෝ බැසෙලර් පැවසුවේය.
මෙය නිෂ්පාදනය බ්‍රසීල රජයේ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් වන අතර එම ව්‍යාපෘතිය යටතේ සබ්මැරීන හතරක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.
ඉන් එක් සබ්මැරීනයක් න්‍යෂ්ඨික තාක්ෂණයෙන් බලගැන්වෙන අතර එය 2022 වර්ෂය වන විට නිෂ්පාදනය කර අවසන් කිරීමට නියමිතය.
එසේම න්‍යෂ්ටික නොවන සබ්මැරීන ත්‍රිත්වයක් ඉදිකිරීමට දැනටමත් කටයුතු ආරම්භ කර ඇත.
රජය මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 4.46 ක මුදලක් වැය කර ඇත.
මෙම නිෂ්පාදනය බ්‍රසීලයේ ආරක්ෂක උපායමාර්ගයක් ලෙස භාවිතා කර හැකි බවත් එය රටේ තාක්ෂණ වර්ධනය නිරූපණය කරන අවස්ථාවක් බවත් බ්‍රසීල ජනාධිපති මිචෙල් ටෙමර් පැවසුවේය.
මෙම සබ්මැරීනය රියචුලෝ යන නමින් හදුන්වා ඇත්තේ 19 වැනි සියවසේ පැරගුවේ යුද්ධයේදී නාවික සටන සිහිකිරීමේ අරමුණිනි.
එම සටනට බ්‍රසීල නාවික හමුදාව සක්‍රීය දායකත්වය සපයා ඇත.
(63226 )

2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රසීලය පළමු සබ්මැරීනය නිෂ්පාදනය කරයි