(අංජුල මහික වීරරත්න)
බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූ සතුරු ක්‍රියා හෙළා දකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
බ්‍රසීලයේ මෑතදී ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන දැඩි කනස්සල්ලට පත්ව සිටින බව පවසන ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී ක්‍රම මගින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පෙරලා දැමීමේ මෙවැනිම උත්සාහයක් ශ්‍රී ලංකාවද කලකට පෙර අත්දුටු බව සඳහන් කළේය.
බ්‍රසීල ප්‍රජාතන්ත්‍රවාදයට කරන එවැනි සතුරුකම් හෙලා දකින අතර බ්‍රසීල අර්බුදය හමුවේ ලංකාව බ්‍රසීලයේ ජනාධිපතිවරයා, රජය සහ ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බව පවසයි.
බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ එහි ආයතන මෙන්ම සියලු පුරවැසියන් ලෝකයේම ගෞරවයට පාත්‍ර වීම අත්‍යවශ්‍ය වන බවද ජනාධිපතිවරයා නිවෙිදනයක් නිකුත් කරමින් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහලොකු ප්‍රජාතන්ත්‍රවාදියා. තමන් නිවැරැදි තැන ඉන්න ඕන අනුන්ගේ වැරැදි හොයන්න කළින්.. පම්පෝරි මාස්ටර් අපරාදෙ කියන්න බෑ.
පිස්සු කෙලින්නේ නැතිව ඉන්න හලෝ..!!! කසාගන්න නියපොත්තක්වත් තියෙනවාද...? ආයෙත් මොන ක්‍රමයකින් හෝ බෝල්සරානෝ බලය ගත්තොත් ...ටික දවසකට පස්සේ මිනිහා ලූලා එක්ක යාලුවේවි... මේ පැත්තක ඉන්න ඔයා ඕවාට කට දාලා අන්තිමට "ශ්‍රී ලංකාව" නරක මිනිහා වේවි. ෆෝක්ලන්ඩ් යුද්ධයේදී (1982 දී) ගහ මරාගත්ත සතුරෝ අන්තිමේදී යාලුවුණා .. නිකම් ඕනෑ නැති දෙයකට කට දාන්න ගිහින් අපි අනාගත්තා. ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමේදී අපි එක සැරයක් නොව දහවරක්වත් සිතා බැලිය යුතු අවධියකයි මේ අපි ජීවත් වන්නේ...
ඊට වඩා දරුණුයි ඔබ නිසා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වෙන හතුරුකම්.
පල පල කලිසමා
කට වහගෙන ඉන්නවද?
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද?