IMG-LOGO

බේරුවල ධීවර වරායේ සියලු මත්ස්‍ය තොග මිලදී ගැනීම් හෙට සිට ධීවර සංස්ථාවට

(තුසිත කුමාර ද සිල්වා)

ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මකව පවතින මේ දිනවල බේරුවල ධීවර වරාය පරිශ්‍රයට ඇදී එන අධික ජනතාව අවම කිරීම සඳහා හෙට(01) සිට බේරුවල ධීවර වරාය පරිශ්‍රය තුළ ගොඩබාන සියලු මත්ස්‍ය තොග සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ධීවර සංස්ථාව මගින් මිලදී ගැනීමට එකඟතාවක් ඇතිකරගෙන ඇතැයි බේරුවල ධීවර වරාය කළමනාකරු එඩ්වඩ් දයාමාල් මහතා අද (31)පැවසීය.
 
ධීවර සංස්ථා මිලදී ගන්නා මත්ස්‍ය තොග යම් හෙයකින් අතිරික්ත වුවහොත් සෙසු මසුන් පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳපොළ වෙත බේරුවල ධීවර වරාය මගින් යොමු කර කඩිනමින් ව්‍යාපාරිකයන්ට අදාළ ගෙවීම් සිදු කරන බවත් හෙතෙම පැවසීය
 
මේ අතර හෙට(01) සිට බේරුවල වරාය පරිශ්‍රය තුළ මසුන් තොග සිල්ලර විකිණීම නැවත දැනුම් දෙන තුරු කිසිදු පුද්ගලික අංශ වලට නවතා දමා ඇතැයි ද පවසයි .
 
කොයිඩ් වෛරසය පැතිරයාම බේරුවල වඩාත් වර්ධනය වීම හේතුවෙන් විශාල ජනතාවක් වරාය පරිශ්‍රයට එක්රොක් වීම අවම කිරීම හේතුවෙන් හා වරාය පරිශ්‍රයට ලැබෙන මත්ස්‍ය තොග කඩිනමින් අලෙවි කර ධීවරයන්ට හා බහුදින යාත්‍රා හිමියන්ට සහන සැලසීමේ අරමුණින් සෞඛ්‍යය ,ආරක්ෂක සහ වරාය කළමනාකාරිත්වය රජයේ ඉහළ පෙළේ උපදෙස් මත මෙලෙස ක්‍රියා කිරීමට සාමූහිකව එකඟතාවයකට පැමිණි බව පවසයි .
 
ඉකුත් දින කිහිපය තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධ බේරුවල ධීවර වරාය ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ සිය කෘතඥතාව පළ කළ බවද වරාය කලමනාකාර එඩ්වඩ් දයාමාල් මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

බේරුවල ධීවර වරායේ සියලු මත්ස්‍ය තොග මිලදී ගැනීම් හෙට සිට ධීවර සංස්ථාවට

de silva Tuesday, 31 March 2020 12:30 PM

අරගෙන නිසි විදිහට බෙදල දෙනව නම් කමක් නැහැ .

:       0       0

Anton Austria Tuesday, 31 March 2020 01:16 PM

ඇත්තටම මෙය හොඳ දෙයකි . මා දැක්කා මිනිස්සු හැසිරෙන්නේ බල්ලෝ බලල්ලු වගේ බේරුවල වරායට කොරෝනා ට ඇතුල්වෙන්න බෑ වගේ . ගියේ නැත්තං රස්සාවට සල්ලි නෑ.... කන්න බොන්න ඇත්ත ඒක . නමුත් ඔබලා හිතලා බලන්න හම්බ කරන්නන් අයේ දවසක ගිහින් රස්සාවක් කරන්නත් ඔබ ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙලා හිටියොත් නේද රස්සාව කරන්න පුලූවන් වෙන්නේ ඕක තේරෙන්නේ නැහැ ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 139 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 348 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site