(ලක්මි කුඩලිගම)

බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ කාලයක් තිස්සේ සංවිධානාත්මකව පවත්වාගෙන ගිය මහා පරිමාන සූදු පොළක් වටලා යුද හමුදා නිලධාරින් සිව් දෙනකු ඇතුළු 15 දෙනකු  අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන්ට හිසරදයක් වන ආකාරයෙන් රාත්‍රි කාලයේ සැරිසරමින් කලක් තිස්සේ ඉතා සංවිධානාත්මකව මෙම සූදුපොළ පවත්වාගෙන ගොස් ඇති අතර මේ සඳහා ඉතා දුර බැහැර ප්‍රදේශවලින් පවා පිරිස් සහබාගී වී ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා නිලධාරින් සිව් දෙනා සමග නිට්ටඹුව ප්‍රදේශයේ දෙදෙනකුද සිටින බවත් ඔවුන් සියලුම දෙනා අද (31) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් පොලිසිය පැවසීය.

බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විදානගේ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක දුලාන්ජන ඒකනායක මහතා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් මෙම වැටලීම සිදුකර තිබේ.