IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බූරුවා ගැසූ හමුදාවේ හතරක් ඇතුළු 15ක් මාට්ටු

(ලක්මි කුඩලිගම)

බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ කාලයක් තිස්සේ සංවිධානාත්මකව පවත්වාගෙන ගිය මහා පරිමාන සූදු පොළක් වටලා යුද හමුදා නිලධාරින් සිව් දෙනකු ඇතුළු 15 දෙනකු  අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන්ට හිසරදයක් වන ආකාරයෙන් රාත්‍රි කාලයේ සැරිසරමින් කලක් තිස්සේ ඉතා සංවිධානාත්මකව මෙම සූදුපොළ පවත්වාගෙන ගොස් ඇති අතර මේ සඳහා ඉතා දුර බැහැර ප්‍රදේශවලින් පවා පිරිස් සහබාගී වී ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා නිලධාරින් සිව් දෙනා සමග නිට්ටඹුව ප්‍රදේශයේ දෙදෙනකුද සිටින බවත් ඔවුන් සියලුම දෙනා අද (31) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් පොලිසිය පැවසීය.

බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විදානගේ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක දුලාන්ජන ඒකනායක මහතා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් මෙම වැටලීම සිදුකර තිබේ.

 



අදහස් (0)

බූරුවා ගැසූ හමුදාවේ හතරක් ඇතුළු 15ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site