IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බොරලැස්ගමුවේ ඝාතනයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

බොරලැස්ගමුව  වේරහැර බෝධිරාජපුර දි ත්‍රී රෝද රථ රියදුරෙක් තවත් පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි රේන්ද ගේ සුඩෙශ්පි ය රන්ජන ප්‍රනාන්දු  නමැති හතළිස් තුන් හැවිරිදි තිදරු පියෙකි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ඊයේ රාත්‍රී ඔහු පදිංචි නිවසට මදක් ඈතින් වූ බෝධිරාජපුර මාර්ගයේ රැඳී සිට දුරකථන ඇමතුමක් ලබා ගනිමින් සිටියදී  සැකකාර තීරෝද රථ රියැදුරු එම ස්ථානයට පැමිණ ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව පිහියෙන් ඇන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 තුවාල ලද පුද්ගලයා ඥාතීන් විසින්  කලුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව පැය දෙකකට පමණ පසු ඔහු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සැකකාර පුද්ගලයා ගේ බිරිද සමඟ පැවැත්වූ අනියම් සබඳතාවයක් මුල්කරගෙන  මෙම ඝාතනය සිදුවී ඇති බව  සැක කරන බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට බොරලැස්ගමුව පොලිසිය පරීක්ෂණ පවත්වයි .

 

 

 

 

 



අදහස් (1)

බොරලැස්ගමුවේ ඝාතනයක්

Perera Thursday, 10 August 2023 12:18 AM

නීතිය මගින් නොලැබෙන දඬුවම් මිනිස්සු නීතියට අරන් සුදුසු දඬුවම දීමේ තවත් නිදසුනක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site