(ගයාන් සූරිය ආරච්චි)
මත්ද්‍රව්‍ය ජාවාරමක ඇතිවූ ආරවුලක් මත නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව බොරැල්ල පොලිසිය පවසයි
මෙසේ තුවාල ලබා ඇත්තේ අවුරුදු 38 ක් වයස ඇති තොට ළඟ නාගලන් වීදිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය කියයි. ඊයේ (19) රාත්‍රියේදී මෙම වෙඩිතැබීම සිදුව ඇත.
තුවාල ලැබූ පුද්ගලයා මීට දින කීපයකට පෙර මෙම මහල් නිවාසයට කුලී පදනම් මත පැමිණ ඇති බවත් ඔහු ඉකුත් පස්වැනි දින බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණ සිටි පුද්ගලයකු බවද පොලිසිය පවසයි. තවද ඔහු මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්හි සාමාජිකයෙකු ලෙස ලේඛනගතව ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරැල්ලේදී පුද්ගලයෙක්ට වෙඩි
Perera Tuesday, 20 February 2024 10:01 AM
වෙඩි තියලා තියෙන්නේ කවුද කියලා හිතාගන්න පුළුවන්.ඕකුන්ට කොහොමත් හරියට වෙඩිල්ලක්වත් තියාගන්න බැහැනේ