
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් බොරැල්ල සිරිසර උයන නිවාස සංකීර්ණයේ සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි 2කට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු හා මුදල් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
සැකකාරිය සමඟ මත්කුඩු කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 638ක් හා මුදලින් රුපියල් 6 ලක්ෂ 10,000 ක් සොයා ගැනීමට හැකි වී ඇත.
මෙම සැකකාරියගෙන් ප්‍රශ්න කිරීමේදී එම නිවාස සංකීර්ණයේ වසා දමා තිබූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ නිවස සෝදිසි කිරීමේදී එහි අල්මාරියක් තුළ සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය සහ මුදා මුදල් සොයාගැනීමට හැකිවී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd