(මනෝප‍්‍රිය ගුණසේකර)
බොරැල්ල සියලූ සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඞ් බාරයට පත් කොට සිටින විශ‍්‍රාමික වෛද්‍ය ෂර්ලි හේරත් මහතා රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද නියම කළේය.
ඇප තැබීමෙන් අනතුරුව සැකකාර වෛද්‍යවරයාට රටිනන් පිටව යෑම තහනම් කොට ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණයට භාර දිය යුතු බවට නියම කළ විනිසුරුවරයා සැකකරුට රටින පිටව යෑම තහනම් කොටට ඇති බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දීමට අවශ්‍ය්‍ය පියවර ගන්නා ලෙෂ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකාර විශ‍්‍රාමික වෛද්‍යවරයාට ඇප ඉල්ලා ඉදිරිපත් කළ ඇප ඇයැදුම් පත‍්‍රය කැඳවනු ලැබු අවස්ථාවේදී සැකකරුට ඇප නියම කිරීම සම්බන්ධයෙන් නීතීපතිවරයා විරුද්ධත්වයක් නොදැක්වීම හේතූවෙන් සැකකරුට ඇප නියම කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බොරැල්ල දේවස්ථාන බෝම්බයේ වෛද්‍යවරයාට ඇප