(ඉන්දිකා රාමනායක)
පුද්ගලයන් තිදෙනකු බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණයේ නිවසකට කඩා වැදී එහි සිටි පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ටී ආර් ප්‍රදීප් කුමාර (28) නමැති තරුණයෙකි.
පුද්ගලික ආරවුලක් මුල්කරගෙන සැකකරුවන් තිදෙනා ඊයේ (15) මෙම නිවසට කඩා වැදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය කියයි.ෙ
ඝාතනයට පැමිණි තිදෙනා හඳුනාගෙන ඇති අතර දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය කියයි. බොරැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටකට ප්‍රයෝජනයක් විය හැකි තරුණ ජීවිත නිරපරාධයේ එක එක ආරවුල් නිසා විනාශ වෙනවා .විනාශ කරනවා .මෙවැනි දේවල් කවදා කෙලවර වෙයිද දන්නේ නැහැ