( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ගාල්ල නාගොඩ පොලිසිය තුළදී සිය බිරිඳට පිහියෙන් ඇනිමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණ ඇප මත මුදා හැර සිටී පිලියන්දල පොලිසියේ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇතැයි ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් පැවැසීය
මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ පිලියන්දල පොලිසියට අනියුක්ත ව පැමිණිලි පිටපත් ලබා දීමේ නිලධාරියා ලෙස කටයුතු කළ කොස්තාපල්වරයෙකුගේය.
ඉකුත් 18 වෙනි දින කොස්තාපල්වරයාගේ බිරිඳ සිදු කළ පැමිණිල්ලක් අනුව නාගොඩ පොලිසියට කැඳවා තිබූ අතර එහිදී කොස්තාපල්වරයා සඟවාගෙන සිටි පිහියකින් බිරිඳට ඇනිමට තැත් කිරීමේදී
එහි සිටි පොලිස් නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු මෙල්ල කර අත්අඩංගුවට ගෙන තිබිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd