
(ටෝනි කරුණානායක)
බිරිඳට අයුතු බලපෑම් කළා යැයි කියන සිද්ධියක් මත 16 හැවිරිදි දරුවකු වාහනයකින් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දී ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි .
දෙවලපොල ගනිහිමුල්ල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දරුවකු 19 වැනි දා පස්වරුවේ දී මෙසේ පැහැරගෙන ගොස් ඇත.
පහර කෑමට ලක් වූ තරුණයා ඔහුට අයත් නිවස අසල රැඳී සිටියදී කාර් රථයකින් පැමිණ මෙසේ පැහැරගෙන ගොස් තිබේ.
තරුණයා කාර් රථයකින් පැමිණ පැහැරගැනීම සිදුකළ කාන්තාවගේ සැමියා ඇතුළු සැකකරුවන් එම තරුණයාව ගනිහිමුල්ල ප්‍රදේශයේ පිහිටි කාන්තාවගේ නිවසට පළමුව රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
තරුණයා කාන්තාවට පෙන්වා ඇති එම කාන්තාවගේ සැමියා මෙයාද මෑන් කියා බිරිඳගෙන් අසා ඇති බව පොලිසිය වැඩිදුරටත් සදහන් කළේයෙ.
එම අවස්ථාවේ බිරිඳ දරුවා හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි . පසුව එම කාන්තාවගේ සැමියා විසින් තරුණයාට අතින් පයින් සහ පොලු මුගුරුවලින් අමානුෂික ලෙස පහර දී දරුවා ගේ රහස් ප්‍රදේශයට මිරිස් කුඩු දමා ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 16 කියන්නෙ ළමයෙක්. ඒ තරම් නරක් වෙන්න බෑ. කාන්තාව ගෙ උවමනාවට එකඟ නොවුණු පලිය ගත්තද කියන්න බෑ.
හොඳයි, හොඳයි, හොඳයි, හොඳයි.
රටේ නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාදයි. ඉතින් මිනිස්සු නීතිය අතට ගන්නවා.
හැම එක්කෙනාම හිතුන හිතුන විදියට නීතිය අතට අරගෙන මේවගේ වැඩ කරන්න ගියහම හොඳට තියෙයි
හොඳ දඬුවම .නැතුව ඉතින් ඕවට දඬුවම් දෙන්නේ කවුද