
(ටෝනි කරුණානායක)
බිරිඳට අයුතු බලපෑම් කළා යැයි කියන සිද්ධියක් මත 16 හැවිරිදි දරුවකු වාහනයකින් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දී ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි .
දෙවලපොල ගනිහිමුල්ල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දරුවකු 19 වැනි දා පස්වරුවේ දී මෙසේ පැහැරගෙන ගොස් ඇත.
පහර කෑමට ලක් වූ තරුණයා ඔහුට අයත් නිවස අසල රැඳී සිටියදී කාර් රථයකින් පැමිණ මෙසේ පැහැරගෙන ගොස් තිබේ.
තරුණයා කාර් රථයකින් පැමිණ පැහැරගැනීම සිදුකළ කාන්තාවගේ සැමියා ඇතුළු සැකකරුවන් එම තරුණයාව ගනිහිමුල්ල ප්‍රදේශයේ පිහිටි කාන්තාවගේ නිවසට පළමුව රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
තරුණයා කාන්තාවට පෙන්වා ඇති එම කාන්තාවගේ සැමියා මෙයාද මෑන් කියා බිරිඳගෙන් අසා ඇති බව පොලිසිය වැඩිදුරටත් සදහන් කළේයෙ.
එම අවස්ථාවේ බිරිඳ දරුවා හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි . පසුව එම කාන්තාවගේ සැමියා විසින් තරුණයාට අතින් පයින් සහ පොලු මුගුරුවලින් අමානුෂික ලෙස පහර දී දරුවා ගේ රහස් ප්‍රදේශයට මිරිස් කුඩු දමා ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිරියට අයුතු බලපෑම් කළැයි සිසුවා පැහැරගෙන පහරදීලා
කිරිපුතා Wednesday, 20 September 2023 11:31 PM
අවුරුදු 16 කියන්නෙ ළමයෙක්. ඒ තරම් නරක් වෙන්න බෑ. කාන්තාව ගෙ උවමනාවට එකඟ නොවුණු පලිය ගත්තද කියන්න බෑ.
Ahmed (Gulf) Wednesday, 20 September 2023 11:54 PM
හොඳයි, හොඳයි, හොඳයි, හොඳයි.
kotiya Thursday, 21 September 2023 08:44 AM
රටේ නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාදයි. ඉතින් මිනිස්සු නීතිය අතට ගන්නවා.
Bunny Preena Thursday, 21 September 2023 09:21 AM
හැම එක්කෙනාම හිතුන හිතුන විදියට නීතිය අතට අරගෙන මේවගේ වැඩ කරන්න ගියහම හොඳට තියෙයි
siril Thursday, 21 September 2023 09:52 AM
හොඳ දඬුවම .නැතුව ඉතින් ඕවට දඬුවම් දෙන්නේ කවුද