IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බිරියගේ මරණයට මාස 10කට පසු සැමියා අත්අඩංගුවට

( සුමිත් පොතුපිටිය)

බිරිදගේ හිසට මොට ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර , රිය අනතුරක් සිදුවූ බව පවසමින් රෝහල් ගතකල බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාශය සමත්ව ඇත. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය , මාරගහදෙනිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි  පුද්ගලයකු බව පොලිසිය කීය.

සැකකරු  2023 අප්‍රේල් 10 දා රාත්‍රි සිය බිරිඳ වන එම් බී කසුනි දුලීකා යන 30 හැවිරිදි  එක්දරු මව ත්‍රීරෝද රථයකින් ඇද වැටී තුවාල ලැබූ බව සදහන් කරමින් බදුරලිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. 

ඇයගේ තත්වය බරපතළ බැවින්  කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු 2023 මැයි මස 7 දා මියගොස් ඇති බව පොලිසිය කීය.

ඇයගේ මරණය සැකසහිත බවට පවුලේ සාමාජිකයින් කල පැමිණිලි මත කළුතර අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් සිදුකල දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගත්බව වැටලීමට එක්වූ නිළධාරියෙක් කීය.



අදහස් (0)

බිරියගේ මරණයට මාස 10කට පසු සැමියා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site