
(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව,පුලස්තිගම,කෑගලුගම ප්‍රදේශයේදී අද පස්වරුවේ අඹු සැමියන් අතර ඇතිවූ ආරවලක් දුරදිගයාමෙන් බිරියගේ තියුණු ආයුධ පහරකට ලක් වූ සැමියා මියගොස් ඇතැයි පුලස්තිපුර පොලීසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පුලස්තිපුර,කෑගලුගම පදිංචිව සිටි නිලන්ත නන්දන කුමාර නැමැති 29 හැවිරිදි එක්දරු පියෙකි.
හෙතෙම ජීවිකාව ලෙස කුලීවැඩ සහ පොල් කැඩීම කරමින් සිටි බවද කියති.
මොහු දිනපතාම පාහේ බීමත්ව පැමිණ සිය බිරිඳ සමඟ ආරවුල් ඇතිකර ගන්නා බවත් මෙදිනද එසේ ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව බිරිඳ විසින් සැමියා ඝාතනය කර තිබෙන බව පොලීසිය සිදුකල මූලික පරීක්‍ෂණවලදී අනාවරණයවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑගල්ල කියන කෑල්ලක් හරි තියෙනවා නම් ඉතින් මිනීමැරුමක් තමයි කියන්න වෙනවා. මේකත් පොළොන්නරුවේ වුණාට කෑගලුගම තමයි
දැන් මිනිස්සුන්ගේ මනුස්ස ගුණ දවසින් දවස ඉතා වේගයෙන් පිරිහෙනවා. ආර්ථික ප්‍රශ්න වෙන්නත් පුළුවන්. ඉවසීම අඩුවෙන්න මූලික හේතුවක් තමයි ආගමෙන්, දහමෙන් ඈත්වීම. බොහෝ වෙහෙස මහන්සිවෙලා තමන්ට කන්න, බොන්න දුන්නු ස්වාමියාට මේ වගේ අපරාධයක් කරන්න පුළුවන්ද කෙනෙකුට.... මියගිය සොයුරාට නිවන්සුව ලැබේවා.
හැමදාම මිනීමැරුම්... දැන් හොඳටම පිරිහිලා.