IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බිරිය සමඟ තරහ වී සැමියා ගෙට ගීනි තබයි

 

(තිසර සමල්)

අඹු-සැමි ආරවුලක් දුරදිග ගොස් බීමත් සැමියා සිදු කළ ගිණි තැබීමකින් නිවසක් සම්පූර්ණයෙන් අද (21) ගිණි ගෙන විනාශ වී ඇතැයි එප්පාවල පොලීසිය පවසයි.

එප්පාවල පොලිස් වසමේ කැලේසියඹලෑව, අංක 03 ගම්මානයේ නිවසක් මෙලෙස සම්පූර්ණයෙන් ගිණි බත් වී තිබිණි.

සාලය, නිදන කාමරයක් හා මුළුතැන්ගෙයකින් සමන්විත මෙම නිවස අද පස්වරු 5.00 ට පමණ මෙලෙස ගිණි ගෙන විනාශ වී ඇතැයි පොලීසිය පවසයි.

අදාළ නිවසේ සැමියා හා බිරිඳ පස්වරු 05.00 ට පමණ ඇති කරගත් ආරවුලකින් පසු මෙලෙස නිවසට ගිණි තැබීමට සැමියා කටයුතු කර ඇති අතර, ඔහු ඒ අවස්ථාවේ බීමතින් සිට ඇතැයිද පොලීසිය පවසයි.

බීමත් සැමියා විසින් පෙට්‍රල් දමා නිවස ගිණි තබා ඇති බවත්, ගිණි ගත් නිවස ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව නිවා දැමීමට එප්පාවල පොලීසිය කටයුතු කර ඇතත්, ඒ වන විටත් නිවස සම්පූර්ණයෙන් ගිණි ගෙන විනාශ වී තිබූ බවත් එප්පාවල පොලීසිය පවසයි.

නිවසට ගිණි තැබූ ගෙහිමියා පළා ගොස් ඇති අතර, ඔහු සොයා පොලීසිය පරීක්ෂණ සිදු කරයි.



අදහස් (2)

බිරිය සමඟ තරහ වී සැමියා ගෙට ගීනි තබයි

A lot of juice coming baby Saturday, 22 April 2023 07:12 AM

අපරාදේ නහයත් කපා ගත්තා නම් හොඳ පාඩමක් උගන්නන්න තිබ්බා...

:       0       2

Pradeep Kumara Saturday, 22 April 2023 10:28 AM

මූණත් සමග තරහ වී නහය කපා ගැනීම...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site