
(හේමන්ත රණසූරිය)
හොරොව්පොතාන පොලිස් බල ප්‍රදේශයට අයත් මොරකෑව ප්‍රදේශයේදී වෛද්‍යවරයකුගේ සිරුර අඹගසක එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇතැයි හොරොව්පොතාන පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ, චාමර චතුරංග නමැති තිස් අට හැවිරිදි තිදරු පියෙකි.
කැබිතිගොල්ලෑව මූලික රෝහලේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස කටයුතු කළ මෙම වෛද්‍යවරයා සිය බිරිඳගේ මහ ගෙදර පදිංචි වී සිට ඇති අතර, එදින ඇතිවූ පවුල් ආරවුලක් මත මෙලෙස සිය දිවි නසා ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
වෛද්‍යවරයාගේ බිරිඳ හෙද සේවිකාවක බව ද පොලිසිය සඳහන් කළේය.
ඔහුගේ මෘත දේහය පිළිබඳ ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇති අතර,හොරොව්පොතාන පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙද සේවිකාවෝත් ඉන්නවා කියලා අදමයි ඇහුවේ.. සාමාන්‍යයෙන් හෙද නිලධාරි හා නිලධාරිනීන් තමයි මෙතෙක් කලක් හිටියේ. ඔය කියන්නේ සෞඛ්‍ය සේවා සුලු සේවිකාවක් වෙන්න ඇති නේද? එයා හෙදියක් නම් ඇයගේ තනතුර හෑල්ලුවට ලක්කරන්න එපා... කරන්න කැමැතියි...!
ඔබ නිර්මාණය කිරීමට රටට කොපමණ වැයක් යන්න ඇද්ද? ඔය දුෂ්කර ප්‍රදේශයකට ඔබගෙන් වෙන සේවාව ගැන සිතන්න තිබුණා.. ඇයි මිනිසුන්ට දේවල් අත්හරින්නට බැරි?
හරිම ශෝචනීයයි. මේ දෙදෙනාගේ රැකියා අනුව දැඩි පීඩනයකින් දෙදෙනා ම ඉන්න ඇති. දෙදෙනාම ඒක නිසිලෙස අවබෝධ කරගෙන හිටියා නම් එහෙම නොවෙන්න තිබුණා. අනෙකුත් අයට හොඳ පාඩමක්... ඉවසීම ප්‍රගුණ කරන්න.
කොන්ද පණ ඇති ස්වාධීන ආදායම් මාර්ග තියෙන කිසිවෙක් තම පවුල වෙනම ඉන්නවා මිස මහගෙවල්වල ලගින්න එපා කියලා කීම ඇත්ත. සමහර වැඩිහිටියන් දරුවන්ගේ පවුල් අවුල් කරනවා. දැන හෝ නොදැන...
මිනී මැරුමක් වගේ බිරින්දෑගෙන් ප්‍රශ්න කරන්නේ රෝහලෙන් මිතුරන්ගෙන් තනතුරු ලැබේවි.
හරිම ගුණ යහපත් නිහතමානී දොස්තර කෙනෙක් .. ප්‍රදේශයේ කා අතරත් ජනප්‍රිය හිත හොද දොස්තර ඔබට නිවන් සුව ලැබේවා...
අපරාදේ වටින ජිවිතයක් රටට නැතිවුණා. කොතරම් මහන්සි වෙන්න ඕනෑ ද දොස්තර කෙනෙක් වෙන්න