
(සනත් ගමගේ)
සිය බිරිඳට පොල්ලකින් ගසා බිරිඳ මැරූ ස්වාමිපුරුෂයෙකුට තංගල්ල මහාධිකරණයෙන් අද (11) මරණ දඩුවම නියම කෙරිණි.
2006 වසරේ බෙලිඅත්ත නිවසේ දි සිය බිරිඳට පහරදිමක් සම්බන්දයෙන් තංගල්ල මහාධිකරණයේ පැවැති නඩු විභාගයකින් බෙලිඅත්ත ප්‍රදීප් කුමාර (41) යන අයට තංගල්ල මහාධිකරන විනිසුරු උදේශ් රණතුංග මහතා අද (11) මෙම මරණ දඩුවම නියම කලේය.
රණසිංහ ආරච්චිගේ දිනූෂා ලක්මාලි යන අයගේ හිසට පොල් ගෙඩියක් වැටී අනතුරක් සිදු වු බව පවසා සිය බිරිඳ රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදි සිද්ධිය සම්බන්දයෙන් විමර්ශන කටයුතු සිදුකල පොලිසිය සැකකාර ස්වාමි පුරුෂයා පොල්ලකින් පහර දි ඇති බවට සාක්ෂි සහිතව සැකකරුට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දඬුවම් සමාජ ගත කළ යුත්තේ අනෙක් අය ගේ දැන ගැනීම උදෙසාය. දෙදෙනාට දෙදෙනා නොගැළපේ නම් සාධාරණව කතා කර නීතියෙන් වෙන් වෙනවා මිසක තම සහකරු හෝ සහකාරිය වධබන්ධන වලට ලක් කිරීම හරි මැරීම හරි කළාම සියලුදෙනාම ඉවරයි. අන්තිමට දුක්.විඳින්නෙ අහිංසක දරුවන්
මිනීමරුම 2006, නඩු තීන්දුව 2024 ,මිනී මරන්නේ අවුරුදු 18 දී.පෝරකයට යන්නේ අවුරුදු 41 දී.ලස්සන සමීකරණයක් .උත්තරය =තීන්දුව දෙන්න අවුරදු 18 ගිහිල්ලා
ශ්‍රී ලංකාවේ අධිකරණ කොච්චර අකාර්‍යක්ෂමද කියලා මේ තීන්දුවෙන්ම පේනවා. 2006 දී වෙච්ච මිනී මැරුමකට නඩු තීන්දුව දෙන්නේ 2024දී. අවුරුදු 18කට පස්සේ. එදා අවුරුදු 41ක් වෙච්ච මිනිහාට අද අවුරුදු 59ක්. අර හුණුවටයේ කතාවේ අසඩැක් අන්තිමට කියන විදියට තව කොච්චර කාලේකටද දඬුවම් විඳින්න තියෙන්නේ... ?