(උපාලි ආනන්ද)

දෙදරු මවක වූ  තම බිරිදට අතින් පයින් පහරදී නිවසේ කාමරයකට දමා භූමි තෙල් වත්කොට සිරුරට ගිනි තබා දැම්මේ යැයි කියන   විත්තිකාර සැමිා එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කල උතුරු මැද පළාත් බද පූර්වගාමි මහාධිකරණ විනිසුරු සහ කුලියාපිටිය වත්මන් මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා ඔහුට  මරණීය දන්ඩනය නියම කළේය.

මෙසේ මරණ දඬුවම නියම වූයේ නොච්චියාගම පහලමාරගහවැව තම්මන්නාව පදිංචි හේවගේ නෙරංජන පෙරේරා නැමැත්තෙකුටය

2010 වසරේ ජනවාරි මස 26 වන දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර  තම්මන්නාවදී සිය බිරිද වන එච් පූර්ණිමා චන්ද්‍රගුප්ත යන අයට අතින් පයින් පහරදී ඇගේ සිරුරට භූමි තෙල් වත්කොට ගිනි තබා බරපතල තුවල සිදු කර ඇය මරා දැමූ බවට මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ලංකා දන්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය ප්‍රකාරව අනුරාධපුර මහාධිකරණය‌ හමුවේ අධිචෝදනා ගොනු කොට තිබිණ.