IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බිරිය මරා ගෙන මැරෙන හැදූ සැමියාට බරපතලයි

බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මිරිහාන මූලස්ථාන පොලිසිය තුළදී සිරුරට ගිනි දල්වා ගෙන සිය බිරිඳව බදාගෙන මරාගෙන මැරීමට උත්සාහ දැරූ පුද්ගලයකු පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා වළක්වා ලීමට අද සවස සමත් වී ඇත. බරපතළ තුවාල ලද එම පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් ⁣කළේය. එම පුද්ගලයා විසින් බිරිඳට විරුද්ධව කරන ලද පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පැමිණ සිටි අවස්ථාවේ දී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි. මිරිහාන මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශය තුළ දී සැකකරු එකවරම ලයිටරයක් දල්වා ඔහුගේ සිරුරට ගිනි තබාගෙන ඒ අසල සිටි ඔහුගේ බිරිඳ බදා ගැනීමට උත්සාහ ගැනීමත් සමගම එම කාන්තාව ප්‍රධාන දොරටුවෙන් පිටතට දිව ගොස් දිවි බේරා ගෙන තිබූ බව පොලීසිය සඳහන් කරයි. ඒ සමගම එහි සිටි පොලිස් නිලධාරීන් එම කාන්තාව පසුපස හඹා යමින් සිටි එම පුද්ගලයා අල්ලාගෙන අවම බලය යොදා ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත. එම අවස්ථාවේ ඔහු හැඳ සිටි කලිසමේන් සහ ටී ෂර්ට් එකෙන් පෙට්රල් ඉන්ධන ගඳ වහනය වී ඇතැයිද පොලීසිය කියයි බරපතළ තුවාල ලද එම පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත



අදහස් (2)

බිරිය මරා ගෙන මැරෙන හැදූ සැමියාට බරපතලයි

sanju Saturday, 18 February 2023 10:43 PM

පව් ඒ මනුස්සයා... මොනතරම් අසාධාරණයක් වෙන්න ඇතිද? ඔහුට එවැනි තීරණයක් ගන්න...

:       0       1

Bunny Preena Monday, 20 February 2023 10:25 AM

බිරිඳවත් තනියට එක්කන් යන්න හදලා වගේ....!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site