
බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිරිහාන මූලස්ථාන පොලිසිය තුළදී සිරුරට ගිනි දල්වා ගෙන සිය බිරිඳව බදාගෙන මරාගෙන මැරීමට උත්සාහ දැරූ පුද්ගලයකු පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා වළක්වා ලීමට අද සවස සමත් වී ඇත. බරපතළ තුවාල ලද එම පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළේය. එම පුද්ගලයා විසින් බිරිඳට විරුද්ධව කරන ලද පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පැමිණ සිටි අවස්ථාවේ දී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි. මිරිහාන මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශය තුළ දී සැකකරු එකවරම ලයිටරයක් දල්වා ඔහුගේ සිරුරට ගිනි තබාගෙන ඒ අසල සිටි ඔහුගේ බිරිඳ බදා ගැනීමට උත්සාහ ගැනීමත් සමගම එම කාන්තාව ප්‍රධාන දොරටුවෙන් පිටතට දිව ගොස් දිවි බේරා ගෙන තිබූ බව පොලීසිය සඳහන් කරයි. ඒ සමගම එහි සිටි පොලිස් නිලධාරීන් එම කාන්තාව පසුපස හඹා යමින් සිටි එම පුද්ගලයා අල්ලාගෙන අවම බලය යොදා ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත. එම අවස්ථාවේ ඔහු හැඳ සිටි කලිසමේන් සහ ටී ෂර්ට් එකෙන් පෙට්රල් ඉන්ධන ගඳ වහනය වී ඇතැයිද පොලීසිය කියයි බරපතළ තුවාල ලද එම පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් ඒ මනුස්සයා... මොනතරම් අසාධාරණයක් වෙන්න ඇතිද? ඔහුට එවැනි තීරණයක් ගන්න...
බිරිඳවත් තනියට එක්කන් යන්න හදලා වගේ....!