(ඉන්දිකා රාමනායක සහ සුදත් එස් කුමාර)
පූඩළුඔය හැරෝවත්ත උඩකොටසේ පදිංචි පුද්ගලයෙකු සිට 11, 8 යන වයස්වල පසුවන දරු දෙදෙනාට කෑම වලට වස දමා ඔහුද වස පානය කිරීම හේතුවෙන් තිදෙනාම අසාධ්‍ය තත්වයෙත්වයෙන් ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
සැකකරු පෙරේදා (17) පස්වරුවේ දරුවන්ට මෙලෙස වස ලබා දී ඔහු ද වස පානය කර ඇති බව පොලිසිය පවසයි
සැකකරු ගේ බිරිඳ ඔහුට නොදන්වා රැකියාවක් සඳහා කොළඹ ප්‍රදේශයට පිටව යාම හේතුවෙන්, සිත් තැවුලට පත් සැකකරු මෙලෙස දරුවන්ට වස දී තමාත් වස පානය කර ඇති බව විමර්ශනයේදී පොලිසිය හෙළිකරගෙන ඇත.
සිද්ධියෙන් සැකකරු සහ ඔහුගේ දරු දෙදෙනා තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වේ.
පූඩළුඔය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd