
(නිමල් ජයරත්න)
කුවේට් ගෘහ සේවයට ගොස් සිටිදි හදිසි අනතුරකට ලක්ව රෝගී වී සිටින තම බිරිඳ ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා සිටින රුපියල් ලක්ෂ හය හමාරක මුදල සොයා ගැනීමට නොහැකිවූ සැමියකු තම වකුගඩුවක් ලක්ෂ 15 කට විකුණා බිරිඳ ගෙන්නා ගැනීමට වෙර දරන පුද්ගලයකු මනම්පිටියෙන් අපට හමුවිය.
තම වකුකඩුව රුපියල් ලක්ෂ පහළොවකට ලබාදි බිරිඳ වන එච්.එච්. සෙව්වන්දි මහේෂිකා ජයවීර මහත්මිය ගෙන්වා ගැනීමට මෙලෙස වකුගඩුව ලබාදීමට අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදුකර සිටින්නේ මනම්පිටිය මහවැව කොළකනාවාඩිය ලිපිනයේ පදිංචි 28 වියති ඒ.එම්. ඉෂාර සරච්චන්ද්‍ර යන තිදරු පියෙකි.
2023 දෙසැම්බර් 20 වෙනිදා කුවේට් රටේ ගෘහ සේවයට කුරුණෑගල ඒජන්සියක් මගින් පිටව ගොස් ඇති අතර ඇය හදිසියේ එරටේ නිවසේ සේවය කරමින් සිටියදී ඇද වැටීම හේතුවෙන් මේ වනවිට වැඩකර ගැනීමට නොහැකි මට්ටමට ශරීරය දුබල වී ඇති බවද ඉෂාර සරත්චන්ද්‍ර මහතා සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් කොළඹ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් යොමු කර ඇති බවත්, ගෙන්වා ගැනීමට නම් රුපියල් ලක්ෂ හය හමාරක මුදලක් අවශ්‍ය බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කළ බව ඉෂාර සරච්චන්ද්‍ර මහතා පැවසීය.
විදේශගතව සිටින සෙව්වන්දි මහේෂිකා ජයවීරට අවුරුදු 11 දැරියක, සහ අවුරුදු 9 සහ අවුරුදු 3 ක පිරිමි ළමුන් දෙදෙනකු සිටින අතර එම දරුවන් මේ වනවිට මහේෂිකා ජයවිරගේ මව වන 49 වියති එම්.එච්. ධම්මිකා විජේසිංහ මහත්මියගේ තුරුලේ හැඩි හැදී වැඩෙන්නේය.
''මෙම සම්බන්ධයෙන් විදේශවා නියුක්ති කාර්යාංශයේ උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු එච්.එම්. සුනිල් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි මෙසේ සඳහන් කළේය. සෙව්වන්දිගේ ස්වාමියා වන ඉෂාර පැමිණිලි කර ඇත්තේ බිරිඳ සේවය කරන ස්ථානය මාරු කර දෙන ලෙසයි, ඒ අනුව බිරිඳ විට වෙනත් නිවසකට මාරු කළා, ඇය රෝගී වී ඇත්නම් ඒ පිළිබඳ සලකා බැලීමට අවශ්‍ය කටයුතු කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර්යාලයේ සල්ලි නෑ. ගෙන්නන්න විදිහක් නෑ. තිබුණු සල්ලිවලින් මේ දවස්වල හාල් බෙදනවා.
අන්තිමට ලංකාව වැඩකාරකමට අම්මලා අපනයන කරන රටක් බවට පත්වුණා. දරු පරපුරට අම්මා නැති වුණා. ඒ දහදුක් විඳලා එවන ඩොලර් ටික දිහා බලාගෙන හූල්ලන මිනිස්සු ඉන්න රටක් වුණා. අපිටත් පිටිපස්සෙන් හිටි සිංගප්පූරුව වැඩකාරයෝ ආනයන කරන රටක් තරම් දියුණු වුණා. මුඩුක්කු රටක් වුණු කොරියාවේ කම්කරු වීසා එක ගහගන්න එකත් අපිට දැන් මහමෙරක් වගේ. අර ඇමරිකාවෙන් ආපු එක දේශපාලකයෙක් එළිපිටම කිව්වා, මේවට අපිටව පත් කරපු ජනතාවත් වග කියන්න ඕන කියලා. අපි අස්වහගෙන ඡන්දෙ පාවිච්චි කරපු නිසා නේද මේ ව්‍යසන සේරම වුනේ... දැන් මුළු ලංකාවටම වකුගඩු විකුණලා ජීවත් වෙන්න වෙන කාලයක් නේද ඇවිත් තියෙන්නේ...?
මේකෙන් පේන්නෙ අපේ රටේ මිනිස්සුන්ගෙ "මිනිස් අවයව වෙලඳාම" සම්බන්දව තියන දැනුම සහ ආකල්ප. ලෝකයේ ඕනම රටක පිලිගත් නීතිය අනුව මිනිස් අවයව මුදලට විකිණීම, මිලදී ගැනීම හෝ ආධාර අනුබල දීම ඉතාම බරපතල වැරැද්දක්. මේ සිද්ධිය වෙන රටක උනානම්, පත්තරේ දාන්න කලින්, ඒම ගනුදෙනු වලට සම්බන්ධ රෝහලේ ප්‍රධානීන්, වෛද්‍යවරු, මිලදී ගන්න සූදානම් ය පාර්ශවය වගේම විකුනන්න සූදානම් උන පුද්ගලයාත් අත් අඩංගුට අරගෙන.. මේ සිද්දිය, ඉතාම සරල කාරණාවක් හැටියට පත්තරේ දාල තියන එකෙන් පේන්නෙ අපේ රටේ මිනිස්සුන්ට මේක තවත් එක ප්‍රවුර්තියක් විතරයි කියන එක, සමාජෙ බහුතරයන් "උගේ ඇඟේ තියන එක ඌට ඕනනම් විකුනපුදෙන්" වගේ අදහසක් දරනවා කියන එක..
මම ඇත්තම කියන්නද? මේ රටේ මිනිස්සු කම්මැලි නැත්නම් වුවමනාවක් තියෙනවා නම් තමන්ගේ බිරිඳ කොයේවත් නොයවා හොඳින් ජීවත් වෙන්න පුළුවන්. හොඳට බලන්න ඔය දරිද්‍රතාවයෙන් පෙලෙන පවුල් වල සැමියා හෝ දෙදෙනාම අනිවාර්යයෙන්ම කම්මැලි මිනිස්සු. මං ඔයවගේ අයට උදව් කරලා තියෙනවා. මං දැකපු දෙයක් තමයි ඉහළට යන්න කිසිම උත්සාහයක් නෑ. නිකං දුන්නොත් කනවා. ඊට පස්සේ රස්තියාදුව. වැඩක් ගැන හිතන්නේ නෑ. අඩුම ගානේ තමන්ට කන්න මිරිස් පැලයක්වත් හදාගන්නේ නෑ. වත්තේ කොව්චර ඉඩ තිබුණත්. ඒ මිනිස්සු ඒකට දැන් පුරුදු වෙලා ඉන්නේ. අර සිඟමන් මිනිස්සු වගේ...
ලේසියෙන් සල්ලි හොයන්න බිරිඳව රට යවලා දැන් වගා කූඩුව විකුණන්න යනවා.
ගෑනිගෙන් කන්න බලාගෙන ගෑනු ගන්න මිනිස්සු පිරිමි කමටත් නින්දාවක්. ගැනිත් එක්ක එකතුවෙලා දියුණූ වෙන්න කරන්න දේවල් කොච්චර තියෙනවද. කම්මැලි මිනිස්සුන්ට ඉතිං ඇඟේ කෑලි තමයි විකුනන්න වෙන්නේ.