IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


බිරිඳගේ සිරුර කරේ තියන් යද්දී පොලිසිය පිහිටවෙලා

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැමි තරුණයකු මියගිය බිරිඳ කරේ තබාගෙන අධිවේගී මාර්ගයක පයින් ගමන් කරමින් සිටිද්දී පොලිසිය ඔහුගේ පිහිටට පැමිණි පුවතක් ඉන්දියාවේ එන්.ඩී.ටීවී. වෙබ් අඩවිය පවසයි.

එඩේ සමුලු නමැති එම ගැමි තරුණයා ඔඩිස්සා ප්‍රාන්තයේ කොරාපුත් නමැති දිළිඳු ගම්මානයේ වැසියෙකි.

අසනීප තත්ත්වයකින් පසුවුණු බිරිඳ කිලෝ මීටර් 130 ක් දුරින් විශාඛාපට්නම් නගරයේ රෝහලකට ප්‍රතිකාර සඳහා යැවුණි.

වෛද්‍යවරු තීරණය කර ඇත්තේ රෝගී තත්ත්වය උත්සන්නවී ඇති බැවින් බිරිඳ බේරා ගැනීමට නොහැකි බවය.

පසුව බිරිඳ රෝහලේ දී මියගොස් ඇති මළ සිරුරු ගම්මානයට ගෙන යෑම ගැටලුවක් විය.

මුදල් නොමැති බැවින් කුලී රථයක් සොයා ගැනීමට ද එඩේ සමුලු හැකියාව ලැබී නැත.

ගම්මානයට යෑමට කුලී රථ රියදුරන් ඉන්දීය රුපියල් 2,000 ක මුදලක් ඉල්ලා ඇතැයි ද පැවැසෙයි.

අවසානයේ බිරිඳගේ සිරුර කරේ තියන් පයින් ගම්මානයට යෑමට තරුණයා තීරණය කර ඇත.

පොලිස් නිලධාරීන් පැමිණ වෑන් රථයක් ලබා දී සිරුර ගම්මානයට ගෙන යෑමට පිහිට වී ඇත්තේ එවිටය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (4)

බිරිඳගේ සිරුර කරේ තියන් යද්දී පොලිසිය පිහිටවෙලා

de silva Thursday, 09 February 2023 04:43 PM

අභ්‍යාවකාශයට රොකට් යැව්වත් ඉන්දියාවේ තත්වය මේකයි.

:       0       0

sharm warn Thursday, 09 February 2023 04:49 PM

එහෙව් ඉන්දියාවෙන් තමයි.. පිනා හිඟමන් ඉල්ලන්නේ...!

:       0       0

උපාසක Thursday, 09 February 2023 05:28 PM

ආදරයයි, කරුණාවයි !!! සිදුහත් රජතුමා දුටු කිසා ගෝතමී කිව්වා නිබ්බුත පද මතක් වුණා.. නිබ්බුතා නූන සා නාරී... අභ්‍යාවකාශයට යන්න හැකියාව තියෙන රටේ පළාත් සභා නිසා සිදුවන අසාධාරණ සිද්ධියක් කියලා කියන්න පුළුවන්... ඇත්තටම පොලිසියවත් ඉදිරිපත් නොවුණානම් මොනවා වෙයිද?

:       0       0

Bamunuarachchi Friday, 10 February 2023 07:07 AM

ඉන්දියන් ආණ්ඩුව රටට පරකාසේ ගෙදරට මරගාතේ. ඉන්දියාවේ මිනිස්සු මිනී කරේ තියාගෙන යනවා, ලෙඩ්ඩු කරේ තියාගෙන යනවා ඒවාට පිහිට වෙන්නේ නැතුව ලංකාවට ගිලන්රථ පූජා කරනවා. ඉන්දියාවේ තත්වය දැනගෙන ඒවා භාරගන්න ලංකාවේ ගොයියෝ ඊට වඩා පෙරේතයෝ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2130 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site