IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බිරිඳගේ නිරුවත නෑනාට යවලා

(රෝෂන් තුෂාර)

සිය බිරිදගේ අසභ්‍ය විඩියෝ පටයක්  සමාජ මාධය ඔස්සේ  බිරිඳගේ නැගණියට  යොමු කිරීමේ  චෝදනාවට වරද පිළිගන්නා බව  ප්‍රසිද්ධ ගායන ශිල්පියෙකු  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා  හමුවේ අද(20) ප්‍රකාශ කළේය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකාර ගායකයා  අධිකරණයේ පෙනී සිටි අතර අසභ්‍ය ප්‍රකාශන ප්‍රචාරය කිරීමට අදාළ චෝදනාව සැකකරුට ඉදිරිපත් කළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජගත් බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දක්වමින් සිය සේවා දායකයා වරද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට කැමති බව ප්‍රකාශශ කළේය.

සැකකරුගේ බිරිඳ ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

වසර දහයක් පමණ සැකකරු සමග ජීවත්ව ඇති බිරිඳ ,සැකකරුගේ නොමනා ක්‍රියා කලාප හේතුවෙන් විවාහක නිවස අතහැර මවගේ නිවසට ගොස් ජපානයේ තරුණයකු සමග දුරකථනයෙන් සුහදතා පවත්වා ඇති අතර ඉන් අනතුරුව සමථයකට පත්ව  ගායකයා සමඟ යළි විවාහ දිවිය ගෙවා ඇත.

එහිදී පැමිණිලිකාරියගේ ෆේස්බුක් ගිණුම හරහා යොමු කළ මැසේජ් පරීක්ෂා කර ඇති සැකකරු එහි  පණිවිඩ හුවමාරුවේදී ලබාගත් නිරුවත් ඡායාරූපයක් දැක එම ඡායාරූපය බිරිඳගේ නැගණියට යොමුකොට ඇත.

සිය ඡායාරූප වට්ස් ඇප් ඔස්සේ ප්‍රචාරය කිරීමම සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට බිරිඳ විසින්  පැමිණිලි කිරීමෙන් පසුව මෙම  නඩුව 1983 අංක 22 දරණ අසභ්‍ය ප්‍රකාශන (සංශෝධිත) පනතේ (2) (අ) සහ 2 (ආ) යන වගන්ති ඔස්සේ අප අසභ්‍ය  ප්‍රකාශ ප්‍රචාරය කිරීමට එරෙහිව චෝදනා ගොනු කරමින් පැවරීය.

සැකකරු අදාල චෝදනාවන්ට වරද පිළිගන්නා බවට ප්‍රකාශ කිරීමෙන් පසුව සැකකරුගේ පෙර වැරදි සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පැමිණිලිකාරිය අධිකරණයේ පෙනී නොසිටීම යන කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දෙසැම්බර් 19 වන දින නැවත නඩුව කැඳවීමට නියෝග කළේය. 



අදහස් (5)

බිරිඳගේ නිරුවත නෑනාට යවලා

Hira Thursday, 20 November 2025 05:13 PM

ගායකයාගේ සිංදුවක පොඩි කෑල්ලක් දාන්නකෝ... ආසයි අහන්න.

:       0       1

Neel Thursday, 20 November 2025 05:21 PM

අපිට බැරිද ඔය කියන ප්‍රසිද්ධ ගායකයා කවුද කියලා දැනගන්න. මොකද අප ඔහුගේ රසිකයෝ වෙන්න ඉඩ තිබෙනවා.

:       0       1

T. M. මල්ලවාරච්චි Thursday, 20 November 2025 05:38 PM

නම සඳහන් නොකරපු නිසා ප්‍රසිද්ධ ගායකයෝ හැමෝම දැන් මේකට පටල ගන්නවා.

:       0       2

Lalla Thursday, 20 November 2025 08:55 PM

මොනවද මේ කතා. බිරිඳත් නිකම්ම අහිංසක මල් කැකුලක් වගේ ද? නිරුවත් ඡායාරූප යවන්නේ නිකම්ම ඉන්න වෙන්න ඇති. විකුණන්න නොවේ නේද?

:       0       2

Bunny Preena Friday, 21 November 2025 10:29 AM

නිරුවත පිට මිනිස්සුන්ට ප්‍රදර්ශනය කරන තරමට මෙම ගැහැනියගේ ශිලාචාරකම නැතිවෙලාද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site