බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය පසුගියදා පැවති 2023 Women-Friendly Workplace Awards හිදී තවත් ශ්‍රී ලාංකික සමාගම් 9 ක් සමඟ ‘වඩාත් විශිෂ්ටතම කාන්තා හිතකාමී සේවා ස්ථාන’ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය.
AICPA වරලත් ගණකාධිකාරී ආයතනය (CIMA) සහ SATYN Magazine එක්ව මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී. එහිදී ස්ත්‍රී පුරුෂ සමානත්වය සහ කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් දක්වන ලද මහඟු දායකත්වය අගයමින් බ්‍රැන්ඩික්ස් වෙත මෙම සම්මානය පිරිනමන ලදි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයනකරු වන බ්‍රැන්ඩික්ස්, කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් මෙන්ම ඔවුන්ගේ යහපැවැත්ම, වෘත්තීය දියුණුව හා අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කර තිබේ. මෙරට තුළ බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලයේ කාන්තා නියෝජනය සියයට 77 ක් වන අතර, ඉහළ පෙළ තනතුරු තුළ ඔවුන්ගේ නියෝජනය සියයට 27 කි. එමෙන්ම සමාගමේ නායකත්ව වැඩසටහන් සඳහා කාන්තා සහභාගීත්වය සියයට 40 ක් වන අතර, අධ්‍යක්ෂ මණ්ඩලයේ කාන්තා නියෝජනය සියයට 17 ක් වේ.
බ්‍රැන්ඩික්ස් සමූහය මේ වනවිට රැකියා ස්ථානය තුළ අපයෝජනය සහ පීඩාවට පත්කිරීම් වැළැක්වීමේ ප්‍රතිපත්තිය සහ විවෘතව අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ ප්‍රතිපත්තිය ඇතුළුව අන්තර්කරණය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති රාශියක් හඳුන්වා දී ඇත. එමෙන්ම දරුවන් රැකබලාගැනීමට සහය වීම, නම්‍යශීලී රැකියා විධිවිධාන පිරිනැමීම සහ සමාන වැටුප් ලබාදීම ආදී වශයෙන්, කාන්තාවන්ට හිතකර වූ විධිවිධාන හඳුන්වා දීමටද සමූහය නිරන්තරයෙන් පියවර ගෙන තිබේ.
සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තෝරාගැනීමේදී කාන්තාවන්ට හිතකර ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම, සෑම මට්ටමකදීම කාන්තාවන් නියෝජනය වීම, වැටුප්, පුහුණු හා සංවර්ධන අවස්ථා පිරිනැමීම සහ කාන්තාවන්ට හිතකර රැකියා පරිසරයක් පවත්වාගෙන යාමට කැපවීම වැනි සාධක සැලකිල්ලට ගන්නා ලදි. මෙම සෑම කාණ්ඩයකදීම බ්‍රැන්ඩික්ස් සමූහය ඉදිරියෙන්ම සිටි අතර, විශේෂයෙන්ම කාන්තාවන්ට විශේෂ වූ ගැටලු ආමන්ත්‍රණය කිරීමේදී බ්‍රැන්ඩික්ස් සමූහය කැපීපෙනෙන ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව එහිදී නැවත වරක් තහවුරු විය.
595
මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව
දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්
ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කල
යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො
කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බ්‍රැන්ඩික්ස්, ‘කාන්තා හිතකාමී සේවා ස්ථානයක්’