
(විමුක්ති එස් රුද්‍රිගු)
බොරතෙල් මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා දිනකට අපනයනය කරන ඛනිජ තෙල් නිෂ්පාදන බැරල් ප්‍රමාණය මිලියන 2 කින් කපා හැරීමට ඔපෙක් ප්ලස් සංවිධානය තීරණය කළ බව ඊයේ (05) නිවේදනය කළේය.
ඔපෙක් ප්ලස් සංවිධානයට ඔපෙක් සංවිධානයේ සාමාජිකයන් 13 දෙනා සහ ඔපෙක් සංවිධානයට අයත් නොවන ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන කරන ලෝකයේ ප්‍රධාන රටවල් 10 අයත් වන අතර බොරතෙල් මිල ස්ථාවරව පවත්වාගෙන යාම ඔපෙක් ප්ලස් සංවිධානයේ අරමුණ වේ.
ඔපෙක් ප්ලස් සංවිධානයේ මෙම තීරණයත් සමඟ පෙට්‍රල් මිල ඉහළ යාම වැළැක්විය නොහැකි බව විශ්ලේෂකයෝ පවසති.2020 වසරේ කොරෝනා වසංගතයෙන් පසු ඔපෙක් ප්ලස් සංවිධානය සිදුකළ විශාලතම කප්පාදුවද මෙය බව පැවසේ.
ලෝක බොරතෙල් වෙළඳපොලේ අද(06) ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 88.26 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් කෘඩ් වර් ගයේ බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 94.01 ක් ලෙස සටහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම තෙල්මිල ඉහළ යනවා.