(යොහාන් භාසුර)
බොරතෙල් නොමැතිවීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (24) පස්වරුවේ සිට වසා දැමීම ආරම්භ කරන බව එම පිරිපහදුවේ නිලධාරියෙක් පැවසීය.
තෙල් පිරිපහදුව එකවර වසා දැමිය නොහැකි බව කී එම නිලධාරියා පැවසුවේ එය ක්‍රමානුකූලව කාලය ලබාගෙන කරන ක්‍රියාවලියක් බවයි.
තෙල් පිරිපහදුව නැවත ආරම්භ කරන දිනකදී නැවත පණගැන්වීම තිබූ බොරතෙල්වලින් කළ යුතු බවත් ඉදිරි ක්‍රියාවලිය පවත්වාගෙන යෑමට බොරතෙල් නොමැත්වීමෙන් වසා දැමීමට සිදුවන බවත් එම නිලධාරියා කීය.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව බොරතෙල් නොමැතිවීමෙන් මාස හතක පමණ කාලයක් තුළ වසා දමන සිවුවැනි අවස්ථාව මෙය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
69 ලක්ෂය හින්දා මෙහෙමත් කෙළවුණු ජාතියක් ලොවෙත් නැතිව ඇති...
පුවත්වලට අනුව බොරතෙල් නැව වරායේ... නැවේ තියෙන තෙල්වලට මුදල් ගෙවා ඇත... දැන් ප්‍රශ්නය?
ඔව් , වෙන්නෙ නෑ, රාජපක්ශල හදපු බොරු ජාති ආලෙට රැවටිල කියපු බොරු ඇත්ත කරන්න ගිහින් අා ගත්ත..
බඩු නැති වුණාම කඩේ වහනවා.. එක සාමාන්‍ය දෙයක්. බඩු නැවත ආවාම කඩේ අරිනවා.