IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බ්‍රිතාන්‍යයෙන් ලාංකිකයින්ට ආහාර-ගොවිතැන් සහාය

(විමුක්ති එස් රුද්‍රිගු)

ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් ශ්‍රී ලාංකිකයින්ට  හදිසි ආහාර සහ ගොවිතැන් සහාය ලබා දෙන බව බ්‍රිතාන්‍ය  රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ 77 වෙනි මහා මණ්ඩල සැසියට සමගාමීව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමග පැවැති  සාකච්ඡාවකදී එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා ශ්‍රී ලංකාවට ලබා දෙන ස්ටර්ලින් පවුම් මිලියන 3 (ශ්‍රී ලංකා රුපියල් 1,171,841,067)ක ජීවිතාරක්ෂක ආධාරක පැකේජය පිළිබඳ ප්‍රකාශ කර ඇති බව බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ජනගහණයන් තුනෙන් එකක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් ඉන්ධන, ඖෂධ සහ බලශක්ති හිඟයකින් පීඩා විඳින බවත් බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කළේය.

මෙම සහාය රතු කුරුස සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ හවුල්කරුවන් හරහා ශ්‍රී ලංකාවට ලබා දෙන බව අහමඩ් සාමිවරයා පැවසුවේය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණදුන් වින්දිතයන් ඇතුළුව ශ්‍රී ලාංකිකයන්ගේ  මානසික සෞඛ්‍ය නංවා ලීමටත් බෝග වගා කිරීමට උපකාර වන ආහාර, බීජ සහ මෙවලම් ලබා ගැනීමටත් මෙම සහාය ප්‍රයෝජනවත් වනු ඇතැයි සඳහන් වේ.



අදහස් (0)

බ්‍රිතාන්‍යයෙන් ලාංකිකයින්ට ආහාර-ගොවිතැන් සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 348 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site