
දැඩි ආර්ථික අර්බුදයකට ලක්වීම නිසා ඖෂධ, ඉන්ධන සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් පවතින බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී කල්පනාකාරී වන්නැයි බ්‍රිතාන්‍ය රජය එරට වැසියන්ට අනතුරු අඟවමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඩොලර් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට නොහැකි වී ඇතැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
ශ්‍රී ලංකාවේ වෙළෙඳසැල්, ඉන්ධන පිරවුම්හල් ගෑස් සහ ඔසුසැල් අසල දිගු පෝළිම් දකින්න ලැබෙන බවත්, විදුලි බල අර්බුදයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකා බලධාරීන් විදුලි කප්පාදුවකට යොමු වී සිටින බවත්, බ්‍රිතාන්‍ය රජය අනතුරු අඟවා තිබේ.
ඊට අමතරව 2019 අප්‍රේල් මස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ද සිහි කැඳවීමක් බ්‍රිතාන්‍ය රජය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි. විදේශියන් ඉලක්ක කර ගනිමින් එවැනි ප්‍රහාර සිදුවිය හැකි බව බ්‍රිතාන්‍ය රජය එරට වැසියන්ට සිහිපත් කර තිබේ.
‘කොවිඩ් 19’ ව්‍යාප්තිය සහ ‘ඩෙංගු’ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටිය යුතු බවත්, තමන් ගමන් කරන ස්ථානවල කොවිඩ් ව්‍යාප්තිය ගැන කල්තියා දැනුවත් වීම වැදගත් යොමු කළ යුතු බව ද බ්‍රිතාන්‍ය රජය එරට වැසියන්ට දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දසේන හොඳටම කරපු නිසා රටකට වෙච්ච දෙයක්..
පාස්කු ප්‍රහාරය හැර අනෙක් සියලු කතාවල සත්‍යතාවයක් තිබෙනවා. කොරෝනා හැදුණු වෙලේ විදේශගත පුරවැසියන්ට රටේ දොර වසලා දමපු අපි වගේ අය නොව බ්‍රිතාන්‍යය තම පුරවැසියන්ගේ ආරක්ෂාව ගැන කල්තබා සොයාබලන බව මෙමගින් පේනවා. පාස්කු ප්‍රහාරය විශාල දේශපාලන කුමන්ත්‍රණයක් බව ඔවුන් දන්නේ නැත.
ලන්කාවේ සංචාරක ඇමතියා නම් කියන්නේ සංචාරකයින් සෑහෙන්න එනවයි කියලා. යූක්‍රේන්වලින් ගෙන්වගන්න හිතාගෙන ඇති...