(සිරංගිකා ලොකුකරවිට)
බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධානයක සාමාජිකයින් බවට සැක කළ ශ්‍රී ලාංකිකයින් සිව් දෙනකු ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය සෙනසුරාදා හා ඉරිදා දිනයන් හිදී මොවුන් අත්අඩංගුවට පත්වී ඇති අතර ඔවුන් අතර කාන්තාවක ද සිටින බව බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි.
කාන්තාව වයස අවුරුදු 35 ක තැනැත්තියක් වන අතර අනෙක් තිදෙනා අවුරුදු 35,39 සහ 41 වයසේ පසුවෙති.
මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට 1984 පොලිස් සහ අපරාධ සාක්ෂි පනත යටතේය.
2000 වර්ෂයේ ත්‍රස්තවාදී පනත යටතේ පිරිමි පුද්ගලයින් තිදෙනා බන්ධනාගාර ගතකර ඇති අතර කාන්තාව ඇප පිට මුදාහැර ඇති බවද බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
බ්‍රිතාන්‍ය නාගරික පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ගොල්ලොද දන්නේ නැහැ?
ආඩම්බරයි ලංකාවේ නම ජාත්‍යන්තරේට අරන් ගිය එකට.මෙහෙමත් මිනිස්සු... ගොඩක් මිනිස්සුන්ට රට අාවට පස්සේ අවේ මොනාටද කියල අමතක උනහම ඔහොම දේවල් වෙනවා.
මෙහෙ ඔක්කොම ත්රස්තවාදීන් ඇල්ලුවා කියල කයිවාරු ගහනවා. අපේ ත්රස්තවාදීන් පිටරටදී අහුවෙනවා .
ඒ අය සිංහලයන් නොවේ.
ගුවන් තොටුපලේදී අල්ලුවානම් කොහේ ඉඳන් කොහේ යනගමන්ද? අපේ අප්‍රේල් යාලුවොගේ හිතවත්තුද? නැතිනම් 2009 ට පෙර හිටපු කට්ටියගේ හිතවත්තුද? ඇන්ටිනාව එපැත්තට කරකුවානම් හොන්දායි නේද?
එහෙම නීති විරෝධී හේතුවකට ඇල්ලුවම "ශ්‍රී ලාංකිකයන් ".මෙහේ ඉන්නේ දෙමළ ජාතිකයන්, මුස්ලිම් ජාතිකයන්, අර ජාතිකයන්, මේ ජාතිකයන්.හොර වැඩ කරලා කරදරයට පත් උනාම විතරයි රට මතක් වෙන්නේ.රට විනාශ කරන්නම උපන් අය.