IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍ය අධිකණය දුන් විරල තීන්දුව

(විමුක්ති එස් රුද්‍රිගු)

බ්‍රිතාන්‍ය නූතන ඉතිහාසයේ දරුණුතම අපරාධකාරියක් ලෙස සලකන ලූසි ලෙට්බි නම් 33 හැවිරිදි බ්‍රිතාන්‍ය හෙදිය ඇය සේවය කළ රෝහලේ උපත ලද ළදරුවන් 7 දෙනකු ඝාතනය කිරීම සහ තවත් ළදරුවන් 6 දෙනකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වරදකාරිය වීම නිසා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දීමට මැන්චෙස්ටර් ක්‍රවුන් අධිකරණය නියම කළේය.

මෙම නඩු වාරය සඳහා සහභාගී වීම ලූසි ලෙට්බි ප්‍රතික්ෂේප කර තිබේ. මෙම දඬුවම විනිසුරු ජස්ටිස් ගොස් විසින් ලබා දී ඇති අතර මෙම දඬුවම ඉතාමත් කලාතුරකින් ලබා දෙන ජීවිතාන්තය දක්වා සිර දඬුවමකි. එයට හේතුව වී ඇත්තේ දඬුවම ලබා දී ඇති ආකාරයට ඇයට සිය ජීවිතය අවසන් වන තෙක් කිසිම අයුරකින් නිදහස් විය නොහැකි වීමයි. මෙම දඬුවම බ්‍රිතාන්‍ය තුළ ලබා දී තවමත් බන්ධනාගාරයේ ජීවත්ව සිටින අය ඇත්තේ තුන්දෙනෙකු පමණක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ලූසි ලෙට්බි 2015 සහ 2016 අතර කාලයේදී මෙම ළදරුවන් ඝාතනය කර ඇති අතර ඝාතනයට ලක්වූ ළදරුවන් අතර පිරිමි ළදරුවන් 5 දෙනෙකු සහ ගැහැණු ළදරුවන් 2 දෙනෙකු සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.ලෙට්බිට ගොදුරු වූ සියලු ළදරුවන් නොමේරූ හෝ රෝගී තත්ත්වයෙන් පෙළුණු එම රෝහලේ සිටි අය බවද පැවැසෙයි.

එසේම තවත් දරුවන්ට ලූසි ලෙට්බි හානි කරන්නට ඇතැයි පොලිසිය බිය පළකර ඇති අතර එම රෝහලේ අසාමාන්‍ය සිදුවීම්වලට මුහුණදුන් තවත් ළදරුවන් 30 දෙනෙකු හඳුනාගැනීමට හැකියාව ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

එසේම වාතය එන්නත් කිරීමෙන්, පානය කළ යුතු ප්‍රමාණය ඉක්මවා අධික ලෙස කිරි ලබා දීමෙන් සහ ඉන්සියුලින් එන්නත් කිරීමෙන් ළදරුවන්ට හානි කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ද ලූසි ලෙට්බි හට චෝදනා එල්ල වී තිබිණ.ඒ හේතුවෙන් ඇයට විරුද්ධව මිනීමැරුම් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා ගොනු කෙරිණ. එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය පසුගිය ඔක්තෝබර් මස ආරම්භ වූ අතර එය දීර්ඝ නඩු විභාගයක් විය.

 



අදහස් (3)

බ්‍රිතාන්‍ය අධිකණය දුන් විරල තීන්දුව

සනත් Monday, 21 August 2023 09:17 PM

ඔය ගෑණිව මරන්න එපැයි!

:       2       4

Perera Tuesday, 22 August 2023 08:19 AM

ලංකාවේනම් ඔහොම එවුන්ට චන්දෙ දීලා පාර්ලිමේන්තු අරින්න තරම් මොට්ට ජනතාවක් ඉන්නේ

:       0       11

මැක්ස් Tuesday, 22 August 2023 12:17 PM

අපේ රටේ මානව හිමිකම් අයිතිකාරයින්ට බැරිද මේ මිනීමරු හෙදියගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කියලා ලන්ඩනයට පෙත්සම් ගහන්න? පාස්කු ඉබ්‍රහිම්ගේ මිනීමරු පුත්තු "ඒ ගොල්ලොත් අපේම ළමයිනේ" කියල උන්ගේ මිනීමරු ස්වභාවය තනුක කරන්න දගලපු ජාජබේ නිළියටත් පුළුවන් මේ බ්‍රිතානි කාන්තාව වෙනුවෙන් කදුළු සලන්න.

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site