බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් අද(20) සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේය.ධුරයට පත්වී දින 44ක කාලයකින් පසු මෙලෙස අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වීම විශේෂත්වයකි.

ධුරයට පත් වී වසරක් යනතුරු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා හෝ වරියට එරෙහිව විශ්වාසය කඩ කළා යැයි ඡන්ද විමසීමක් පැවැත්විය නොහැකි වුවත් ඊයේ(19) රාත්‍රියේ ස්වදේශ කටයුතු අමාත්‍ය සුඑල්ලා බ්‍රේවර්මන් ඉල්ලා අස්වෙමින් සිදුකළ ප්‍රාකාශයත් සමඟ ටෝරි මන්ත්‍රීවරුන් බහුතරය ලිස් ට්‍රස් විශ්වාසය කඩ කළ බවට ලියුම් භාර දීමත් සමග ඇය මෙම තීරණයට එළඹ තිබේ.

ඩවුනින්ග් විදියේ සිය නිල නිවහන ඉදිරිපිට ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් අගමැති ලිස් ට්‍රස් සඳහන් කළේ පක්ෂ නායකත්වයට පත්වන විට තමා වූ පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූ බවත් පක්ෂය තුළ තමා පිළිබඳ විශ්වාසය බිඳ වැටී ඇති බවත්ය.