තමන්ට කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වූ බවත් ස්වයං-නිරෝධායන ක්‍රියාවලියට යොමුවන බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද (27) පැවැසීය.
‘‘පසුගිය පැය 24 දී සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කළා. වෛද්‍ය පරීක්ෂණයෙන් මට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා’’ යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
‘‘මම දැන් ස්වයං - නිරෝධායන ක්‍රියාවලියට යොමු වී ඉන්නවා. එහෙත් මා දිගටම ආණ්ඩුව කරගෙන යනවා. විඩියෝ තාක්ෂණය ඔස්සේ මම අදාළ ක්‍රියාමාර්ග ගන්නවා. මේ රෝගයට එරෙහි සටන අපි දිගටම ගෙනියනවා’’ යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා තවදුරටත් කීවේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව අද පස්වරු වනවිට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 11,658ක් වූ අතර එරටින් වාර්තා වූ සමස්ත මරණ ගණන 578කි.
මේ සතිය මුලදී බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි සහ දෙවැනි එළිසබෙත් රැජිනගේ වැඩිමහල් පුත්‍රයා වන චාල්ස් කුමරුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට ධුරයේ කටයුතු පවත්වාගෙන යෑමට නොහැකි වුවහොත් විදේශ ලේකම් (අමාත්‍ය) ඩොමිනික් රාබ් තාවකාලිකව අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරනු ඇතැයි බ්‍රිතාන්‍ය රජය මේ සතිය මුලදී ප්‍රකාශ කළේය.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
888
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2519
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා