
යළිත් වරක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ට දඩ ගැසීමට ලන්ඩන් පොලිසිය සූදානම් වෙයි. ඒ, අග්‍රාමාත්‍යවරයාගේ බලු සුරතලා මුල්කොට ගනිමිනි.
පසුගිය දා අග්‍රාමාත්‍ය සුනාක් සිය ආරක්ෂක නිලධාරීන් ද පිරිවරාගෙන, බිරිඳ අක්ෂාතා මූර්ති, දියණියන් සහ ලැබ්‍රඩෝර් වර්ගයේ බලු සුරතලා නෝවා ද සමඟ ලන්ඩන් නුවර හයිඩ් පාර්ක් උද්‍යානයේ ඇවිදීමට ගියේය.
හයිඩ් පාර්ක් උද්‍යානයේ නීතිය, බලු සුරතලුන් උද්‍යානයට රැගෙන එන්නේ නම්, හිමිකරු එම සතා දම්වැලකින් හෝ පටියකින් හෝ බැදගෙන සිටිය යුතු වෙයි. එසේ කළ යුතු වන්නේ උද්‍යානයේ වනජීවින්ට බලු සුරතලුන්ගෙන් හිංසාවක් පීඩාවක් සිදුවිය හැකි බැවිනි.
කෙසේ නමුත් සුනාක් පවුල ඔවුන්ගේ බලු සුරතලා උද්‍යානයට රැගෙනවිත් සිටියේ දම්වැලකින් ඌ ගැට ගසාගෙන නොවෙයි.
උද්‍යානයේ සිටි පොලිස් නිලධාරිනියක, අග්‍රාමාත්‍යවරයා අසලට ගොස් ඒ සම්බන්ධයෙන් ඔහු දැනුවත් කළ අතර, සිදු කර වරදට අග්‍රාමාත්‍යවරයාට අදාල දඩ මුදල ගෙවීමට සිදුවනු ඇතැයි පැවැසෙයි.
මීට මාස කීපයකට පෙර ද අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ලන්ඩන් පොලිසියෙන් දඩ කෑවේය. ඒ, ඔහු තත්ත්පර කීපයකට, ආසන පටි නොපැලඳ මෝටර් රථයේ පසුපස අසුනේ අසුන් ගෙන, ජංගම දුරකතනයෙන් වීඩියෝවකට පෙනී සිටි බැවිනි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම අගමැති වැඩ කරන්නේ ලංකාව වගේ බ්‍රිතාන්‍ය දියුණු නැති නිසානේ.
මෙවැනි උගත් වැදගත් පොලිසියක් දියුණු රටවල තියෙනවා.
සපේ රට කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදී ද? කප්පම් අරගෙන මිනීමරලත් කිසිදෙයක් නොවුණු ගානට ඇමැතිදුර දැරීමට තරම්
අපේ රටට සාපේක්ෂව ඒ රටවල ක්‍රියාත්මක වන නීතිය මොනතරම් අගනේද ? ඒ වැනි නීතිය ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් මෙරට තිබුණේ නම්, රට කෑ දූෂිතයන් හා ඔවුන් රකිනා අය අද ඉන්නේ සිරගෙවල් වල නේද ?
බටහිර රටවල් නීතිය ක්‍රියාත්මක කිරීමේදී තත්ත්වය, බලය නොසැලකීම දෙස බලා අපට පුදුම වීමට පමණක් පුළුවන්. අපට ඒවා තව කල්පයකදී වුව කල හැකි දේ නොවන නිසා. මේවා අතිශෝක්තියකින් කරන දේ යැයි ද විටක සිතේ.
අගමැති උනත් සම්භවය... දකුණු ආසියාතික ඉන්දියන් නේ....
ලංකාවේ පොලිසියට ඔහොම එකක් කරන්න තියා , හිතන්න වත් බැහැ .
ලංකාවේ ඔහොම වැඩක් කළොත් දඩගැසූ පොලිස් නිලධාරියා නතර වෙන්නේ ගෙදර තමයි. ලොකු ලොක්කන්ට එක නීතියක්, නැතිබැරි පොඩි එවුන්ට තව නීතියක්...
නීතිය ක්‍රියාත්මක කිරීම නිසා අගමැති අමාරුවේ වැටේ .ඒ එංගලන්තේ එංගලන්තේ //නීතිය ක්‍රියාත්මක කිරීමට ගොස් නීති නිලධාරී ආමරුවේ වැටේ මේ ..ලංකාවේ ///
රිෂී සුනක් හරි මෝඩයි. ලංකාවට ආවානම් ඔය මොකුත් නැහැ. අපේ දේශපාලකයෝ වගේ එරිලා ඉන්න තිබුණා.
ආරේ ගුණ නෑරේ...
මෙහෙම රටක බඩගින්නේ හිටියත් හිතට සැපයි...
අපේ දේශපලකයො නම් ගමන් බිමන් යන්නෙ බල්ලො පිරිවරාගෙන , ඔවුන් සමග ගැවසෙන බල්ලො වැඩි හරියක් හොන්ද මහත රතරන් දම්වැල් බෙල්ලෙ බැදගෙන සිටින නිසා අලුතෙන් දම්වැල් දමන්න අවශ්ය වෙන්නෙ නැහැ , දේශපාලුව , බල්ල සහ නිතිය යන සියල්ල රැකෙනව.
නමේම තියෙනවා කවුද කියලා....