(මනෝප්‍රිය ගුණසේකර)
කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් මිනිසුන්ගේ දේහ පිළිබඳ අවසාන කටයුතු සිදුකළ යුත්තේ කෙසේදැයි තීරණය කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන් යැයි අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.
ආරක්‍ෂාවට තර්ජනයක් වන අන්දමින්, පොදු ස්ථානවල මුහුණ ආවරණය වන අන්දමින්, බුර්කාව ඇතුළු වෙනත් මුහුණු ආවරණ පැළදීම තහනම් කිරීමට නීතී සකස් කිරීම සඳහා යෝජනා කැබිනම් මණ්ඩලයට යොමු කර ඇති බවද අලි සබ්‍රි මහතා වැඩිදුරටත් පැවසීය.
කොවිඩ්-19 ආසාදනය වී මිය යන මුස්ලිම් භක්තිකයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකිරීම පිළිබඳ තමාට මතයක් ඉදිරිපත් කළ නොහැකි යැයි වැඩිදුරටත් පැවසු අලි සබ්‍රි මහතා එය සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක් යැයිද වැඩිදුරටත් පැවසීය.
අපේ ජනබල පක්‍ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්මේන්තුවේ කළ ප්‍රකාශයක් පදනම් කරගෙන සමාජයේ පැතිර යන වැරදි මතයන් දුරුකිරීම සඳහා අධිකරණ අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකව්ඡාකදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අලි සබ්‍රි මහතා එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනාට බයෙ ගගනගාමීන් මෙන් වසාගෙන යෑම ආරක්‍ෂාවට තර්ජනයක් නැද්ද? මාස්ක් පැළඳගෙන සිටියාම අනන්‍යතාවය තහවුරු වෙනවා ඇති. තහනම් කරත්, නැතත් හොරුන්, මංකොල්ලකරුවන් කොහොමත් මුහුණු ආවරණය කරලා තමයි වැඩේට බහින්නේ...
නීතිය ගෙනාපු දවසට අපි විශ්වාස කරන්නම්. එතකල් දිරච්ච ලණු කන්නේ නැහැ. බුර්කාවට අමතරව ඉස්ලාම් අන්තවාදීන් විසින් කාන්තාවන්ට බලහත්කාරයෙන් අන්දවන අපේ රටේ දේශගුණයට මොන අාකාරයකටවත් ගැලපෙන්නේ නැති හිජාබ්, නිකාබ්, චදෝර් වගේ එක එක ඇඳුම් වර්ගත් තියෙනවා. මේ එකක්වත් නැතුව ඉස්සර අපේ රටේ ඉස්ලාම් භක්තික කාන්තාවන් ඇන්ද "මොට්ටැක්කිලිය" නමින් කවුරුත් සෙනෙහසින් හැඳින්වූ ඇඳුම අනිවාර්ය කළා නම් මේ ප්‍රශ්නය විසඳා ගන්නට පුළුවන් වෙයි. එ්ත් ඉතින් මොනවා කළත් රටපුරා පැතිරී ඉන්නා අන්තවාදීන් නම් කැමති කරවා ගන්න පුළුවන් වෙන එකක් නැහැ...
කොහොමද වංගුව... පාස්කු වාර්තාව යට යවන්න?
ඉතාම කාලෝචිත වැඩක්... අගය කරනවා..
වෛරසය මැඩපැවැත්වීමට නම් ඔබ ආදාහනය කළ යුත්තේ වෛරස ආසාධිතයින්ය. ඒ මන්ද වෛරස ගුණනය වන්නේ ජිවී දේහතුළ මිස අජීවී වස්තු තුළ නොවන බැවිනි. ආණ්ඩුවට සුපිරිම ලණුවක් දුන්නා.
ඕවා ගෙනැල්ලා ක්‍රියාවට නංවලා කතා කරන්න.
මුහුණු දෙකක් තියෙනවා නම් තමයි වැඩේ...
භූමදානය කරන්න අවසර දීපු එකේ රස්නේ අඩුකරගන්න ගහපු ගැටයක් ඕක...
අලි උන්දැට අප මෙසේ කීමට කැමැත්තෙමු. කියවීම නමැති කැටයම් කලාව අප රටේ දේශපාලුවන්ගෙන් 99.9999999% ක්ම ඉතා ඉහළින්ම ප්‍රගුණ කර ඇති බව නොරහසකි. වැඩිපුරම කතා කරන්නේ පිංගුත්තරයන්, වාචාලයන් මෙන්ම කිසිඳු වැඩක් නොකර පිනටම ගිලමින් ජීවිකාව ගෙවන "බූරුවන්" බව පැරැන්නන්ගේ වැදගත් කියමනකි. එම කියමන 100%ක් නිවැරදිය. එමෙන්ම වැඩ කරන මිනිසා නිශ්ශබ්දයි. වැඩ නොකරන කෙනා නිතරම තප්පුලන බවත් නොරහසකි. එබැවින් කතාව අඩුකර තමන්ගේ වගකීම් නිසි ලෙස කරන මෙන් සියලුම පුරවැසියන් "අලි ගොයියාගෙන්" ඉල්ලා සිටින්නෙමු.
සෞදි රජුගේ පුත් සියලු කාන්තා අයිතීන් දෙමින් ඉන්නවා. මෑතකදී රිය පැදවීමට අවසර ලැබුණි..
බයිලා තමයි..
ගෙනාව දවසක විශ්වාස කරන්නම්. ඕකත් දිරච්ච ලණුවක්ද කවුද දන්නේ? බුර්කාව විතරක් නොවේ නිකාබ්, හිජාබ්, අල් අමීරා, බුෂියා, බටුලා, චදාරි, කිමාර් වගේ තව විවිධ ජාතියේ කාන්තා ඇඳුම් ප්‍රබේධ තියෙනවා. එකක් තහනම් කරලා වැඩක් වෙන්නේ නැහැ. මේ සේරටම වඩා හොඳයි අර ඉස්සර මුස්ලිම් කාන්තාවන් පැළඳගෙන හිටිය " මොට්ටැක්කිලිය" කියලා කවුරුත් ආඩම්බරයෙන් හැඳින් වූ ඇඳුම භාවිතා කරන්න අනුබල දෙනවා නම්. ඒ විතරක්ද "එක රටක් එක නීතියක්" යටතේ මද්‍රසා, ෂරියා වගේ දේවලුත් වෙනස් කරනවා කියල නේද ඡන්දේදී කීවේ? ඒවා ගැන දැන් කතා නැත්තේ මොකද දන්නේ නැහැ.
කවද්ද දැන් ඔය කියන නීති ගේන්න හිතාගෙන ඉන්නේ? සමහර පැතිවල කලු ලෝගු ඇඳගෙන, මූණත් වහගෙන යන අය දැකලා පොඩි අය බිල්ලෝ එනවා කියලා කෑගහනවා..