(අංජුල මහික වීරරත්න)
කොළඹ බේරේ වැවේ ජලය පිරිසිදු කර එහි දුඟද නැති කිරීමටත් නඩත්තු කටයුතු දිගටම සිදු කිරීම සඳහාත් පෞද්ගලික අංශයට පැවරීමට රජය තීරණය කර තිබේ.
එම කටයුතු Groepo Pte. Ltd සමාගම වෙත සහ එහි දේශීය සමාගම වන Groepo Lanka Bioscience (Pvt) Ltd. වෙත පැවරීමට මෙලෙස තීරණය කර ඇත.
මෙම යෝජනාවට අනුව බේරේ වැවේ දුගද නැති කොට එය පිරිසුදු කිරීමටත් බේරේවැව සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමටත් නියමිත ය.
මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන අදාළ සමාගම අධිතාක්ෂණ උපකරණ හා විද්‍යාත්මක ක්‍රම භාවිතා කරමින් බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරයි.
අදාල යෝජනාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී ඇති අතර මෙම ව්‍යාපෘතියට සමගාමීව බේරේ වැවට මලාපවහන අපජලය සහ අපද්‍රව්‍ය බැහැර කරන මාර්ග හඳුනාගෙන ඒ සඳහා විකල්ප ක්‍රමවේද හඳුන්වා දීමට ද කටයුතු කරන ලෙස කැබිනට් මණ්ඩලය ඊට අදාළ රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇත.
මෙහි මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය,නාගරික සංවර්ධන අධිකාරිය ,මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා දේශගුණික අරමුදල (පුද්ගලික) සමාගම සහ කොළඹ මහ නගර සභාව නියෝජනය කරමින් අධීක්ෂණ කමිටුවක් ද නම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක්... යස අදහසක් කොළඹට නම්. ඒත් රටම ගඳගස්සන අයවත් ඔය ආකාරයටම පිරිසිදු කරන්න බැරිද?
මේක නම් නියම වැඩක්...
මොකක්ද ව්‍යාපෘතිය...?
නම් ගම් භාවිතා නොකර හොරාකන ක්‍රමයක්... මේ වෙලාවේ කරන්න ඕනෙ දේවල්ද මේ?
මේ වෙලාවේ ඕවද ඕනෑ..?
ලංකාවේ සියලු ජල මාර්ගවලට එකතුවෙන මලාපවාහිනී පද්ධති නවත්තන්න පියවර ගන්න. ඒක කළොත් රට නිකම්ම ආකර්ෂණය තත්ත්වයට පත්වෙනවා. අනික වැව් සහ ඇල මාර්ගවල නෑමේදී සබන් වර්ග සහ රෙදි සෝදන ද්‍රව්‍ය භාවිතය තහනම්. අත්‍යාවශ්‍ය දේවල්. ජල සම්පත රැක ගැනීමට අවශ්‍ය පියවර...
පුලුවන්නං හැමෝම මේ සමාගම ගැන ටිකක් හොයලා බලන්න. වෙබ් පිටුවනන් මෙලෝ රහක් නෑ. ඒ මදිවට සිංගප්පූරුවේ ලියාපදිංචි කරලා තියෙන්නේ, ඒකත් 2018 අන්තිමට. ඉංග්‍රීසි භාවිතාකරලා තියෙන්නෙත් ඉංග්‍රීසි භාවිතාකරා කියන්න වගේ. ලින්ක් වැඩ නෑ. අඩුමගානේ දාලා තියන ටෙලිෆෝන් නොම්මරේවත් වැඩ නෑ. මේවා හොරාකෑමේ වෙනස් ක්‍රම...
මලාපවාහිනී පද්ධති නවත්තන්න පියවර ගත්තොත් රස කොරලි, තිලාපියාත් කාලා හමාරයි..
හොඳ අදහසක්...